අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඇමරිකානු නව ජනපතිට කරුගෙන් සුබ පැතුම්

ඇමරිකානු නව ජනපතිට කරුගෙන් සුබ පැතුම්

ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ නායකත්වයට නැවතත් තේරී පත් වන ඔබට සුභාශිංසන පිරිනමන අතර, වටිනාකම් සහ අවංක බව පිරුණු නව යුගයක් බිහි වේවායි බලාපොරොත්තු වෙමු. මානව ධර්මතා පිරිහෙන, බල අරගල සහ කෑදරකම ඉහළ යන…

ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ නායකත්වයට නැවතත් තේරී පත් වන ඔබට සුභාශිංසන පිරිනමන අතර, වටිනාකම් සහ අවංක බව පිරුණු නව යුගයක් බිහි වේවායි බලාපොරොත්තු වෙමු. 

මානව ධර්මතා පිරිහෙන, බල අරගල සහ කෑදරකම ඉහළ යන වර්තමාන ලෝකයේ ආගම් සහ ජාතීන් පදනම් කර ගත් බෙදීම් නිසා මිනිස් ජීවිත දහස් ගණනක් විනාශ වේ. කාන්තාවන් සහ ළමුන් ඒවායේ ගොදුරු බවට පත් වීම අතිශය අවාසනාවන්ත තත්ත්වයකි. ආගම, ජාතිය, සංස්කෘතිය සහ අනිකුත් සියලු දෑ අප විසින් තෝරා ගත් ඒවා නොවන බව මෙන්ම ඒ සියල්ල අහම්බයක් බව අප සිහි තබා ගත යුතුය. ගාසා තීරයේ සහ බීරූට්හි සිදු වෙමින් පවතින ඛේදවාචකයන් ගෝලීය පාර්ශ්වයන් රැසක් විසින් හෙළා දැක ඇති අතර යුක්තිය සඳහා වන විශ්වීය ඉල්ලීමක් නිර්මාණය වී ඇත. 

මේ මොහොතේ ලෝකය හමුවේ ඇති තත්ත්වය කණගාටුදායක එකකි; එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන පසුබෑමකට ලක්ව ඇත. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් සාමාජික රටවල්  සඳහා වන ප්‍රවේශය ප්‍රතික්ෂේප කරන අයුරු සහ ලෝක අධිකරණයේ තීන්දු නිර්ලජ්ජිත ලෙස නොසලකා හරින අයුරු අප දුටුවෙමු. මේ තත්ත්වය තුළ  ගෝලීය වශයෙන් පවතින අනාරක්ෂිත බව තීව්‍ර වී, ජාත්‍යන්තර නීතිය කෙරෙහි ඇති ගෞරවය අඩු වීමේ ප්‍රවණතාවයක් ඇත. 

දැන්වීම

නිදහස් සහ ශිෂ්ට සම්පන්න ලෝකයේ නායකයා ලෙස පත් වන ඔබට යුක්තිය, සාධාරණත්වය සහ මානව අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා පැවරී ඇත්තේ අත්හළ නොහැකි වගකීමකි. ඔබේ තීරණ සහ ක්‍රියාමාර්ග අනුව මානව වර්ගයාටම බලපාන තුන් වන ලෝක යුද්ධයක් ඇති වීම හෝ වැලැක්වීම තීරණය වනු ඇත.  

මේ තීරණාත්මක මොහොතේ නිවැරැදි දිශානතිය කරා ලෝකය ගෙන යාමට ඔබට ශක්තිය සහ ප්‍රඥාව ලැබේවායි අප ප්‍රර්ථනා කරන්නෙමු. 

කරු ජයසූරිය 


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතානායක


සභාපති - සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න