ඇමරිකානු-ඉන්දීය තානාපති අංශ බැසිල් එක්ක සාකච්ඡා අරඹයි..!

(සුජිත් මංගල ද සිල්වා) ශ්රී ලංකාවේ ඇමරිකානු සහ ඉන්දියානු තානාපති අංශවල ඉහළම පෙළේ නියිජිතයින් පිරිසක් ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ කැඳවුම්කරු බැසිල් රාජපක්ෂ මහතා සමග කොළඹදී පසුගියදා විශේෂ සහ තීරණාත්මක…
(සුජිත් මංගල ද සිල්වා)
ශ්රී ලංකාවේ ඇමරිකානු සහ ඉන්දියානු තානාපති අංශවල ඉහළම පෙළේ නියිජිතයින් පිරිසක් ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ කැඳවුම්කරු බැසිල් රාජපක්ෂ මහතා සමග කොළඹදී පසුගියදා විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා තිබේ.
රටේ උද්ගත වී තිබෙන දේශපාලන වාතාවරණය,උතුරේ දේශපාලන තත්ත්වය සහ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ඉදිරි දේශපාලන ඉලක්ක පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් එම පාර්ශවයන් කරුණු සාකච්ඡා කර ඇත.
ඇමරිකානු සහ ඉන්දීය තානාපති අංශ නියෝජිතයින් මෙසේ හදිසියේම බැසිල් රාජපක්ෂ මහතා හමුවී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීම පිළිබඳව රාජ්ය බුද්ධි අංශ විශේෂ අවධානයකින් පසු වන අතර මේ හමුව පිළිබඳව දේශපාලන ක්ෂේත්රයේ විවිධ ප්රචාර පැතිරෙමින් පවතියි.