අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඇමති කුමාර සහ ජනාධිපති කුමාරගේ දේශපාලන සදාචාරය..?

ඇමති කුමාර සහ ජනාධිපති කුමාරගේ දේශපාලන සදාචාරය..?

2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරන සමයේදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු දූෂණ පැමිණිලි අනුව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව…

2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරන සමයේදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ලැබුණු දූෂණ පැමිණිලි අනුව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව විසින් තීරණය කර ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කිරයි.

පිලිගත් නීතියට අනුව අධිකරණයක් මගින් පුද්ගලයෙක් වැරදිකාරයෙක් කරන තුරු ඔහු හෝ ඇය නිවැරදිකරුවෙක්.

ජවිපෙ මඩ බලකාය වගේ පුද්ගලයාට අනුව හරි දේශපාලන පක්ෂයට අනුව හරි තවමත් නිවැරදි මේ කුමාරට අපහාස කරන්න අපි යන්නේ නෑ.

දැන්වීම

හැබැයි මේ කුමාර නිර්දෝෂීවෙලා නැවත පැමිණෙන තුරු අඩුම වශයෙන් එයාගේ ඇමති තනතුරෙන් ඉල්ලා අස්වෙන්න ඕනි.

මොකද එයා නිර්දෝෂී වගේම වැරදිකාරයෙක් වෙන්නත් පුළුවන්.

මේ කුමාර ඔය ආයතනයට ගෙනත් තියෙන්නේ අනුර කුමාර කෘෂිකර්ම ඇමති කාලේ.

අනුර කුමාර එතනින් නොනැවතී මේ කුමාරව දේශපාලනයටත් ගේනවා.

එතනිනුත් නොනැවතී අනුර කුමාර මේ කුමාරව තමන්ගේ කැබිනට් මණ්ඩලයටත් ගන්නවා.

දැන් අනුර කුමාරට මේ කුමාර නිර්දෝෂිවෙලා එනතුරු එයා දරණ ඇමතිකමෙන් අයින් කිරීමේ හෝ ඉල්ලා අස්වෙන්න බල කිරීමේ සදාචාරාත්මක අයිතිය තියනවා.

බලමු අනුර කුමාර මේ අවස්ථාව පාව්ච්චි කරන්නේ කොහොමද කියලා.

ඇත්තටම මෙතනදී මේ කුමාරගේ විතරක් නෙවෙයි අනුර කුමාරගේත් දේශපාලන සදාචාරය ප්‍රශ්න කෙරෙනවා.

RRMC

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඇමති කුමාර සහ ජනාධිපති කුමාරගේ දේශපාලන සදාචාරය..? | Lanka Newsweek