අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආහාර මිල සියයට 24කින් නැගලා

ආහාර මිල සියයට 24කින් නැගලා

රට පුරා මන්දපෝෂණය..! කන්න නැතිව මිනිස්සු දිවි නසා ගන්නවා 2022 ජනවාරි මාසයේ දී ආහාර මිල ගණන් 24%කින් ඉහළ ගොස් ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා පෙන්වා…

රට පුරා මන්දපෝෂණය..!

කන්න නැතිව මිනිස්සු දිවි නසා ගන්නවා 

2022 ජනවාරි මාසයේ දී ආහාර මිල ගණන් 24%කින් ඉහළ ගොස් ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා පෙන්වා දෙයි. 

ඊට ප්‍රධාන හේතු වී ඇත්තේ අසීමිත ලෙස මුදල් මුද්‍රණය කිරීම බව ද, ඉහළ යන ජීවන වියදම ජනතාවට දරා ගත නොහැකි බව ද පෙන්වා දෙන කරු ජයසූරිය මහතා සිය දූ දරුවන් ඇතුළු පවුලට කන්න දෙන්න නොහැකි තත්ත්වය හමුවේ සමහරුන් සිය දිවි නසා ගන්නා තත්ත්වයට පත්ව ඇතැයි ද පැවැසීය.

ඊට හොඳම උදාහරණය වන්නේ වැලිපැන්න ප්‍රදේශයේ සිව් දරු පියෙක් දින තුනක් සිය දරුවනට ආහාර වේලක් ලබා දීමට නොහැකි වූ නිසා ගෙල වැළලාගත් සිද්ධිය සහ එම බිරිඳ ගෙදර තිබූ පුටු දෙකක් විකුණා ආහාර ලබා දුන් ආකාරය බව ද කරු ජයසූරිය මහතා කියා සිටියේය. 

රටේ බොහෝ ප්‍රදේශවල මේ තත්ත්වය පවතින්නේ යැයි ද, මන්දපෝෂණය ශීඝ්‍ර ලෙස වැඩි වී ඇති අතර මේ සඳහා වහා පිළියම් යෙදීමට රජය ක්‍රියා කළ යුතු යැයි ද අවධාරණය කර සිටින කරු ජයසූරිය මහතා රට ගෙනයෑමට අවශ්‍ය මුදල් 80%ක් පමණ ලබා දෙන්නේ අඩු ආදායම් සහ මධ්‍යම පාන්තික පවුල් යැයි ද කරු ජයසූරිය මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආහාර මිල සියයට 24කින් නැගලා | Lanka Newsweek