අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආහාර අවදානමෙන් ශ්‍රී ලංකාව ඉවතට

ආහාර අවදානමෙන් ශ්‍රී ලංකාව ඉවතට

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට ලෝක බැංකුව කටයුතු කර ඇත. ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම…


ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට ලෝක බැංකුව කටයුතු කර ඇත.

ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය නිකුත් කරන අතර උද්ධමනය පහළ යමින් තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම දර්ශකයෙන් ඉවත් කිරීමට ලෝක බැංකුව තීරණය කර ඇත.

2022 වසරේ සිට ශ්‍රී ලංකාව මෙම දර්ශකයට ඇතුළත්ව සිටී අතර එම කාලයේ නිකුත් වූ දර්ශකවල විවිධ ස්ථාන හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

දැන්වීම

මෙවර දර්ශකයේ ප්‍රථම ස්ථානය ලෙබනනයට හිමිව ඇති අතර එහි උද්ධමනය 261% ක් බව ලෝක බැංකුව පවසයි. දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් සිම්බාබ්වේ සහ ආර්ජන්ටිනාව හිමි කර ගෙන ඇති අතර එම රටවල උද්ධමනය පිළිවෙළින් 128% සහ 107% ක් වේ.

ආහාර අවදානමෙන් ශ්‍රී ලංකාව ඉවතට

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආහාර අවදානමෙන් ශ්‍රී ලංකාව ඉවතට | Lanka Newsweek