අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආහාර අර්බුදයට ජනපති වග කිව යුතුයි

ආහාර අර්බුදයට ජනපති වග කිව යුතුයි

මැති ඇමතිවරුන් පඹයන් කරලා සියලු ප්‍රශ්නවලට මුල COVID නොවෙයි-ජනපතිගේ අඥාන තීරණයි (සුජිත් මංගල ද සිල්වා) රටේ උද්ගත වී තිබෙන ආහාර අර්බුදය සහ ජනතාව අන්ත අසරණ වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා…

මැති ඇමතිවරුන් පඹයන් කරලා 

සියලු ප්‍රශ්නවලට මුල COVID නොවෙයි-ජනපතිගේ අඥාන තීරණයි 

(සුජිත් මංගල ද සිල්වා)

රටේ උද්ගත වී තිබෙන ආහාර අර්බුදය සහ ජනතාව අන්ත අසරණ වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වග කිව යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අවධාරණය කර සිටියි.

රටේ සියලු ප්‍රශ්නවලට මුල COVID-19 වසංගතය නොවන බව පෙන්වා දෙන බිමල් රත්නායක මහතා මේ සියලු ප්‍රශ්නවලට හේතුව ජනාධිපතිවරයාගේ අඥාන තීන්දු තීරණ බව ද කියා සිටියේය.

ජනතා විමක්ති පෙරමුණේ මූලස්ථානයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ බව පැවැසූ එම පෙරමුණේ ජනතික සංවිධායක බිමල් රත්නායක මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.

දැන්වීම

"ශ්‍රී ලංකාවේ හැම ප්‍රශ්නයක්ම ඇති වුණේ COVID-19 වසංගත නිසා නොවෙයි. ආහාර හිඟයක් ඇති වෙලා තිබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  කාබනික පොහොර සම්බන්ධයෙන් ගත්ත අඥාන තීන්දුවේ ප්‍රතිඵලයක් නිසයි. ඊට COVID-19 වසංගතයේ බලපෑමක් නෑ. ඒ අනුව රටේ මේ වන විට උද්ගත වී තිබෙන ආහාර අර්බුදය "Gota Made Disaster" එකක් බව කිව යුතුයි. 

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ අනුවණ සහ අදූරදර්ශී තීන්දුව නිසා මේ ප්‍රශ්නය ඇති වුණා. ඒ වගේම ආහාර මිල ගණන් අහස උසට වැඩිවී ජනතාව අන්ත අසරණ වෙලා. ආණ්ඩුවේ ඇමතිවරුන් පඹයන් වෙලා. ඒ නිසා තමයි ඩඞ්ලි සිරිසේන මහතා වී සහ සහල් යන මිල දෙකම තීරණය කරන්නේ. සර් ලංකාවේ සමහර සමාගම් පවා මේ වැඩේ කරනවා. නිෂ්පාදකයට මිලක් දෙන්නෙත් නෑ. භාණ්ඩවල මිලත් තීරණය කරනවා."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආහාර අර්බුදයට ජනපති වග කිව යුතුයි | Lanka Newsweek