ආහාරපානවල මිල ඉහළට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) ගෑස් මිල ඉහල දැමීමට සාපේක්ෂව අහාර පාන වලද මිල ගණන් නැංවීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය පියවර ගන්නා බව එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි. මේ සදහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන…
(නිලන්ති චන්ද්‍රසේන)
ගෑස් මිල ඉහල දැමීමට සාපේක්ෂව අහාර පාන වලද මිල ගණන් නැංවීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය පියවර ගන්නා බව එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.
මේ සදහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයරජයෙන් ඉල්ලීමක්ද කර තිබේ.
මේ අතර සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ ගෑස් මිළ ඉහළ නැංවීම බේකරි හිමියන්ට ඉතා අහිතකර ලෙස බලපාන බව ය.මේ පිළිබඳව රාජ්‍ය සමග සාකච්ඡා කිරිමට පියවර ගන්න බවද ඒ මහතා ප්‍රකාශ කර සිටි.
කෙසේ නමුත් මේ වනතුරු බේකරි හිමියන් මිල ගණන් ඉහල නැංවීමට පියවරක් ගෙන නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කර සිටි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1