ආසියාවේ හොඳම මුදල් ඇමතිගෙන් ප්‍රයෝජන නොගැනීම අවාසනාවක්

කවුරුන් පිළි ගත්තත් නැතත් රවී සම්මානිත මුදල් ඇමතිවරයෙක් රටේ කිසිම මුදල් ඇමැතියෙකු ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී නැහැ රවී රජයේ ආදායම වැඩි කළේ මහා බැංකුව ඇතුළු කිසිම බැංකුවක් නොමැතිව මහැදුරු මිල්ටන්…
කවුරුන් පිළි ගත්තත් නැතත් රවී සම්මානිත මුදල් ඇමතිවරයෙක්
රටේ කිසිම මුදල් ඇමැතියෙකු ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී නැහැ
රවී රජයේ ආදායම වැඩි කළේ මහා බැංකුව ඇතුළු කිසිම බැංකුවක් නොමැතිව
මහැදුරු මිල්ටන් රාජරත්න අවධාරණය කරයි

රට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී ජනතාව අන්ත අසරණ වී සිටින මේවැනි අවස්ථාවක රවී කරුණානායක මහතාට වගකීමක්, කාර්ය භාරයක් සහ රාජකාරියක් පවරමින් ඔහුගෙන් ප්‍රයෝජනයක් නොගැනීම ඔහුගේ අවාසනාවක් නොව රටේත් ජනතාවගේත් අවාසනාවක් යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුවේ, කළමනාකරණ පීඨයේ නිර්මාතෘ සහ පීඨාධිපති මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා අවධාරණය කර සිටියි.
රටේ උද්ගත වී තිබෙන උග්‍ර ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් "lankanewsweek" සමග අදහස් දක්වමින් මේ බව පැවැසූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුවේ, කළමනාකරණ පීඨයේ නිර්මාතෘ සහ පීඨාධිපති මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.
දැන්වීම
1994 සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී චන්ද්‍රිකා බණ්ඩාරනායක, ආචාර්ය සරත් අමුණුගම, කේ.එන් චොක්සි, මහින්ද රාජපක්ෂ, රවී කරුණානායක, මංගල සමරවීර, බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති නීතීඥ අලි සබ්රි ඇතුළු පිරිසක් මේ රටේ මුදල් අමාත්‍ය ධූර දරා තිබෙනවා.
එහෙත් රවී කරුණානායක මහතා හැරුණු කොට අනෙකුත් මුදල් ඇමතිවරුන් කිසිවෙකු සිය වගකීම, රාජකාරිය, කාර්ය භාරය සහ යුතුකම සාධනීය ලෙස රට වෙනුවෙන් ඉටු කළා කියා ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී නොමැති අතර ජාතික වශයෙන් ද ඇගයීමකට ලක් වී නැහැ.
කෙසේ නමුත් 2017 වර්ෂයේ දී ආසියානු ශාන්තිකර කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා තෝරා පත් කර ගනිමින්, ජාත්‍යන්තර "The Banker" සඟරාව නිවේදනය කර සිටියේ, "ගෙවුම් ශේෂ අර්බුදයක් හේතුවෙන් මතු වී තිබුණු මුල්‍ය අර්බුදය වළක්වාලීමටත්, රටෙහි මුදල් සංචිතය යථා තත්ත්වයට පත් කර ගැනීමටත්, එමගින් විදේශ ආයෝජකයින් කෙරෙහි විශ්වාසය නැවත ගොඩනගා ගැනීමටත් සමත් වීම වෙනුවෙන්" ඔහුට එම සම්මානය ලබා දෙන බවයි.
කවුරුන් පිළිගත්තත් නැතත් රවී කරුණානායක මහතා කියන්නේ මුදල් අමාත්‍යවරයෙකු ලෙස ජාත්‍යන්තරය පිළි ගත් දේශපාලන නායකයෙකු බව කිව යුතුයි. ඒ අනුව රට-ජනතාව උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙවැනි අවස්ථාවක ඇත්ත වශයෙන්ම රටේ මුදල් ඇමති විය යුතුව තිබුණේ රවී කරුණානායක වැනි පුද්ගලයෙකු බව පැහැදිලියි.
ඒ අනුව රට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී ජනතාව අන්ත අසරණ වී සිටින මේවැනි අවස්ථාවක රවී කරුණානායක මහතාට වගකීමක්, කාර්ය භාරයක් සහ රාජකාරියක් පවරමින් ඔහුගෙන් ප්‍රයෝජනයක් නොගැනීම ඔහුගේ අවාසනාවක් නොව රටේත් ජනතාවගේත් අවාසනාවක් බව කිව යුතුයි.
ගෙවුම් ශේෂ අර්බුදයක් හේතුවෙන් මතු වී තිබුණු මුල්‍ය අර්බුදය වළක්වාලීමටත්, රටෙහි මුදල් සංචිතය යථා තත්ත්වයට පත් කර ගැනීමටත්, එමගින් විදේශ ආයෝජකයින් කෙරෙහි විශ්වාසය නැවත ගොඩනගා ගැනීමටත්, බදු ආදායම වැඩි කර ගනිමින් රජයේ ආදායම ඉහළ නංවා ගැනීමටත් රවී කරුණානායක සමත් වූයේ මුදල් ඇමති ලෙස ඔහු යටතේ ශ්‍රී ලංකා මහා බැංකුව, රජයේ බැංකු සහ වාණිජ්‍ය බැංකු ඔහු යටතේ නොතිබිය දී බව කවුරුත් දන්නවා.
ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනයේ ලිබරල්ම දේශපාලන චරිත දෙක වන්නේ රවී කරුණානායක සහ මංගල සමරවීර යන මහත්වරුන් බව කිව යුතුයි. මංගල සමරවීර අප අතරින් වියෝ වුණා. මේ පුද්ගලයින් දෙදෙනාම හරිම අවාසනාවන්ත ලෙස දේශපාලන මඩවලින් නෑව්වා. මේ වන විට අප සමග සිටින්නේ රවී කරුණානායක විතරයි. ඔහුගේ සේවය රටට-ජනතාවට මේ මොහොතේ අවශ්‍ය වුණත් ඒ සේවය ලබා ගන්නා බවක් පෙනෙන්නේ නැහැ.