“ආසියාවේ අභිමානය” මහා නා හිමිවරුන්ගේ ද ගෞරව සම්මානයට..!

“ශාසන කීර්ති දේශාභිමානී” සම්මානයෙන් කතානායක පිදුම් ලබයි..! රටේ ඊළඟ නායකයා ගැන ඉන්දියාව සහ මහා නා හිමිවරු ඉඟි පළ කරති..? (සුජිත් මංගල ද සිල්වා) ඉන්දියාව මගින් “ආසියාවේ අභිමානය” සම්මානයෙන් පුදනු ලැබූ…
“ශාසන කීර්ති දේශාභිමානී” සම්මානයෙන් කතානායක පිදුම් ලබයි..!
රටේ ඊළඟ නායකයා ගැන ඉන්දියාව සහ මහා නා හිමිවරු ඉඟි පළ කරති..?

(සුජිත් මංගල ද සිල්වා)
දැන්වීම
ඉන්දියාව මගින් “ආසියාවේ අභිමානය” සම්මානයෙන් පුදනු ලැබූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා වෙත “ශාසන කීර්ති දේශාභිමානී” ගෞරව සම්මානය පුද කිරීමට සියම් මහා නිකායේ මල්වතු පාර්ශවය කටයුතු යොදා තිබේ.
එම නිකායේ උත්තරීතර මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නා හිමි ප්‍රධාන කාරක මහා සංඝ සභාව ඇතුළු මහා සංඝ රත්නය කරු ජයසූරිය මහතා වෙත මේ ගෞරව සම්මානය පුදනු ලබන්නේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නා හිමියන් ප්‍රධාන කාරක සංඝ සභාවේ ද පූර්ණ ආශීර්වාදය සහ අනුමැතිය යටතේය.
ඉන්දියාව මගින් කතානායකවරයා “ආසියාවේ අභිමානය” ගෞරව සම්මානයෙන් පුදනු ලැබ හරියටම දෙසතියක් ගත වන විට, එනම් හෙට (19) ඔහු වෙත මේ “ශාසන කීර්ති දේශාභිමානී” සම්මානය ප්‍රධාන කිරීමට මල්වතු මහා නා හිමි ප්‍රධාන කාරක සංඝ සභාව ඇතුළු මහා සංඝ රත්නය කටයුතු යොදා තිබීම විශේෂ සිද්ධියක් වේ.
කතානායක කරු ජයසූරිය මහතා වෙත “ශාසන කීර්ති දේශාභිමානී” ගෞරව සම්මානය පුද කිරීම සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාරථ සුමංගල නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මල්වතු මහා විහාරීය මඟුල් මඩුවේදී හෙට (19) සවස 3.00 ට අභිමානවත් ලෙස සිදු කෙරේ.
මේ සම්මානය කතානායකවරයා වෙත ප්‍රදානය කෙරෙන්නේ ඔහු ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් කළ මෙහෙවර සහ සිය මව්බිම ලෝකාපවාදයට ලක්වීමට ගිය මොහොතේදී රටේ උපනුපන් පරම්පරාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ජනතා පරමාධිපත්‍ය බලයත් ලක් මවගේ ගෞරවාභිමානයත් සුරැකීමට සිය දිවි හිමියෙන් කටයුතු කළ නිසාය.
මේ කරුණු කාරණාම පදනම් කර ගෙන ඉන්දියාවේ කීර්තිමත් ජනපතිවරයෙකු වගේම ලෝක ගෞරවාදරයට පාත්‍ර වූ විශීෂ්ඨ විද්වතෙකු වන ආචාර්ය අබ්දුල් කලාම් ජනපතිවරයා නමින් ක්‍රියාත්මක වන අබ්දුල් කලාම් කළමණාකරණ සහ තාක්ෂණ විද්‍යායාතනය මඟින් කතානායක කරු ජයසූරිය මහතා වෙත “ආසියාවේ අභිමානය” (Pride Of Asia) ගෞරව සම්මානය පුද කරනු ලැබුවේ 2019.03.05 වැනිදාය.
එදින එම අවස්ථාවට එම ආයතනය නියෝජනය කරමින් අබ්දුල් කලාම් ජනපතිවරයාගේ සමීපතමයකු වගේම භාරතයේ කීර්තිමත් විද්වතෙකු වන “භාරත පද්ම ශ්‍රී” සම්මාන ලාභි ආචාර්ය විජායි ශා (Vijay shah) මහතා ද එක්ව සිටීම විශේෂත්වයක් විය.
ආචාර්ය විජායි ශා මහතා අතින් කතානායකවරයා වෙත එදින එම සම්මානය පිරිනැමුණු අතර, එම සම්මානය ශ්‍රී ලාංකික ගෞරවනීය පුරවැසියෙකුට පිරිනැමට හැකි වීම පිළිබඳව බෙහෙවින් සතුටට පත් වන බව අබ්දුල් කලාම් විද්‍යායාතනයේ නියෝජිතයෝ සඳහන් කළහ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඓතිහාසික සබඳතාවය ආර්ථික,අධ්‍යාපනික සහ සංචාරක යන අංශ ඔස්සේ ඉදිරියට ගෙන යමින් එහි ප්‍රතිඵල දෙරටෙහි ජනතාවට අත්කර දීමට කාලය එළඹ ඇති බව “ආසියාවේ අභිමානය” සම්මානය පිළි ගනිමින් කතානායකවරයා එහිදී අවධාරණය කළේය.
ඉන්දු-ශ්‍රී ලංකා ඓතිහාසික මිත්‍රත්වය ශ්‍රී ලංකාවට ලබාදුන් වටිනාම දායාදය බුදු දහම බවද, වර්තමානයේ දෙරට අතර පවතින සහයෝගය සහ මිත්‍රත්වය ඔස්සේ දෙරටට බොහෝ ඵලදායක ප්‍රතිඵල අත්පත් කර ගත හැකි බවද සඳහන් කළ කරු ජයසූරිය මහතා තමා වෙත පිරිනැමූ සම්මානය සමස්ත ශ්‍රී ලාංකියන්ට ඉන්දියාව කළ ගෞරවයක් ලෙස සලකන බව ද පැවසිය.
මේ “ආසියාවේ අභිමානය” සම්බන්ධයෙන් “lankanewsweek” නියෝජිතයෙක් ඉන්දියාවේ සුප්‍රසිද්ධ “DECCAN CHRONICLE” පුවත්පතේ ප්‍රධාන කර්තෘ භාවාන් සිං මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මේ සම්මානය ඉතාම වටිනා සහ දුර්ලභ සම්මානයක් බවය.
ඉන්දියාව මේ සම්මානයෙන් විජාතික දේශපාලන නායකයෙකු පුදනවා කියන්නේ ඔහු ඒ රටේ සහ කලාපයේ දේශපාලන,සමාජ සහ සංස්කෘතික යන අංශවල සංහිඳියාව,දියුණුව,ආරක්ෂාව වගේම පැවැත්ම වෙනුවෙන් විශාල කාර්යභාරයක් කර ඇති අතර ඔහු කෙරහි ඉන්දියාවට විශාල විශ්වාසයක්,පැහැදීමක්,ගෞරවයක් සහ පිළිගැනීමක් තිබෙන බවට වන ප්‍රබල ඇඟවීමක් වන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
කතානායක කරු ජයසූරිය මහතා වෙත විශේෂයෙන් ඉන්දියාව මේ “ආසියාවේ අභිමානය” සම්මානය ද,සියම් මහා නිකායේ මල්වතු පාර්ශවය “ශාසන කීර්ති දේශාභිමානී” සම්මානය ද පිරිනැමීම ජාතික දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ අවදානයට සහ සාකච්ඡාවට භාජනය වෙමින් පවතින බව පෙන්වා දුන් දේශපාලන විචාරකයෝ එමගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ මහා නා හිමිවරුන් ප්‍රධාන මහා සංඝ රත්නය රටේ ඊළඟ නායකයා විය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් යම් ඉඟියක් පළ කළා විය හැකි යැයි ද අවධාරණය කළහ.
රටේ උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ සියලු දෙනාට විශ්වාස කළ හැකිවූ ද,සිංහල බෞද්ධ ජනයා වගේම සුළු ජන කොටස් එකට ඒකරාශී කර ගත හැකිවූ ද,සියලු ආගමික නායකයින්ගේ වගේම විශේෂයෙන් ඉන්දු-ඇමරිකා ඇතුළු ජාත්‍යන්තරයේ සහයෝගය දිනා ගත හැකි නායකයෙකු ලෙස කරු ජයසූරිය මහතා හැඳින්විය හැකි යැයි ද ඔවුහූ වැඩි දුරටත් අවධාරණය කළහ.
