අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආසියානු කරාතේ ශූරතාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ආසියානු කරාතේ ශූරතාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

(නිලන්ති චන්ද්‍රසේන) ජපානයේ පැවති 17 වැනි ආසියානු කරාතේ ශූරතාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණියේ ය. ආසියානු කාන්තා කරාතේ ශූරතාවලියකදී ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනූ පළමු…

(නිලන්ති චන්ද්‍රසේන)

ජපානයේ පැවති 17 වැනි ආසියානු කරාතේ ශූරතාවලියේදී  පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණියේ ය.

ආසියානු කාන්තා කරාතේ ශූරතාවලියකදී ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනූ පළමු අවස්ථාව සහ තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලැබූ ඉහලම ජයග්‍රහණයත මෙයයි.

17 වැනි ආසියානු ශූරතාවලිය  පැවැත්වුයේ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා තේරීම් තරගාවලියක් ලෙසිනි.මේ සඳහා ශ්‍රී ලංකාවෙන් ද කණ්ඩායමක් එක් වූ අතර ඔවුන් ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්හ.

ඒ වයස අවුරුදු 14 – 17 කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම වන අතර අනෙක් පදක්කම කණිෂ්ඨ කේවල අංශයෙන් තරග කළ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන වින්ස් ආශින්කා ලබාගෙන ඇත.

ඒ අනුව 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා අවශ්‍ය මූලික පරිසාධන මට්ටම අදාළ පදක්කම් දිනු ක්‍රීඩිකාවන්  සපුරා ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආසියානු කරාතේ ශූරතාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට | Lanka Newsweek