අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“ආවා” කල්ලියට යළි හිස ඔසවන්න දෙන්නේ නෑ

“ආවා” කල්ලියට යළි හිස ඔසවන්න දෙන්නේ නෑ

(සුජිත් මංගල ද සිල්වා ) උතුරු පළාතේ ක්‍රියාත්මක “ආවා” පාතාල කල්ලිය මර්දනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව නීතිය සහ සාමය පිළබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා…

(සුජිත් මංගල ද සිල්වා )

  උතුරු පළාතේ ක්‍රියාත්මක  “ආවා”  පාතාල කල්ලිය මර්දනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව නීතිය සහ සාමය පිළබඳ  අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය. උතුරු පළ තේ ක්‍රියාත්මක “ආවා”  කල්ලිය යළි ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බවට වාර්තා වුණා. ඒ පිළිබඳ විවිධ මාධ්‍ය වාර්තා පවා පළ වුණා. නමුත් මම කියන්න කැමතියි මේ ආවා කල්ලියට යළි කිසිදු අයුරකින් හිස ඔසවන්න දෙන්නේ නෑ .පසුගිය  දවස් දෙක  ඇතුළත මීට අදාළ සිද්ධි 8 ක් වාර්තා වුණා. ඒ සිද්ධිවලට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ලයන් හය  දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන  තියෙනවා.ඉතිරි සැකකරුවන් අල්ලන්න මේ වෙන කොට විශේෂ විමර්ශන සිදුකරනවා. ඒ විමර්ශන කටයුතු ඉක්මනින් සිදු කරන්නට අවශ්‍ය නිසා මේ වෙන විට යාපනය පොලිස් කොට්ඨාසයේ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරලා තියෙනවා. යාපනයේ විතරක් නෙවෙයි දකුණේ ක්‍රියාත්මක පාතාලය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමේ ක්‍රියාවලිය අපි මේවන විටත් ආරම්භ කරලා ඉවරයි. විදේශවල සැඟවිලා ඉඳන් පාතාලය මෙහෙයවන පාතාල ලොක්කෝ සැඟවී සිටින ස්ථාන පවා අපි මේ වන විට හඳුනා ගෙන තියෙනවා.ඒ අය අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන්නට අවශ්‍ය සියලුම පියවර ගැනීම දැන් සිදු කරමින් ඉන්නවා.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
“ආවා” කල්ලියට යළි හිස ඔසවන්න දෙන්නේ නෑ | Lanka Newsweek