ආර්ථික සහ ඩොලර් අර්බුදයට හේතු වුණේ COVID වසංගතය

"ආර්ථික අර්බුදය මගේවත් ආණ්ඩුවේවත් වරදක් නොවේ" ජනපති කරුණු පහදයි..! ඉන්ධන සහ ගල් අඟුරු ආනයනයට යන වියදම ආර්ථිකයට දරා ගනු බැහැ පුනර්ජනනීය බල ශක්තියට මුල් තැන (සුජිත් මංගල ද සිල්වා) රටේ ආර්ථික අර්බුදයක්…
"ආර්ථික අර්බුදය මගේවත් ආණ්ඩුවේවත් වරදක් නොවේ"
ජනපති කරුණු පහදයි..!
ඉන්ධන සහ ගල් අඟුරු ආනයනයට යන වියදම ආර්ථිකයට දරා ගනු බැහැ
පුනර්ජනනීය බල ශක්තියට මුල් තැන
(සුජිත් මංගල ද සිල්වා)
රටේ ආර්ථික අර්බුදයක් සහ ඩොලර් හිඟයක් ඇති වූයේ COVID-19 වසංගතය හේතුවෙන් බව ද, මෙම අවාසනාවන්ත තත්ත්වයට තමාට පමණක් නොව මුළු ලෝකයේම සහ නායකයින්ට මුහුණ දෙන්නට සිදු වූ බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
COVID-19 වසංගතය හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම සහ විදේශ රැකියාවලින් ලැබුණු ආදායම අඩු වීම ඩොලර් අරබුදයට බරපතළ ලෙස බලපෑ බව කියා සිටී ගෝඨාභය රාජපක්ෂ මහතා තමා බලයට පත් වී වසරක් යාමට COVID-19 වසංගතය පැතිර ගිය අතර ඒ හේතුවෙන් සැලසුම් කළ බොහෝ කටයුතු සිදු කිරීමට නොහැකි වූ බව ද සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ පුවත්පත් කර්තෘවරුන් ඇතුළු ජනමාධ්‍ය ප්‍රධානීන් සමග ජනාධිපති මන්දිරයේ දී සඳුදා (27) පැවැති විශේෂ සාකච්ඡාවේ දී වන අතර එහිදී රටේ වත්මන් තත්ත්වය ඇතුළු බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණ.
දැන්වීම
ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 360ක් ද ,ගල් අගුරු ආනයනය සඳහා වසරකටඩොලර් බිලියන තුනක් ද වැය වන අතර එම වියදම රටේ ආර්ථිකයට ද දරා ගැනීමට කිසිසේත් හැකියාවක් නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මේ තත්ත්වයෙන් ගැළවීම සඳහා පුනර්ජනනීය බල ශක්තිය වෙත යොමු විය විය යුතු බව ද, තමා ඉදිරියට ප්‍රමුඛතාවය ලබා දෙන්නේ ඒ සඳහා වන බව ද කියා සිටී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති අටසීයක් පමණ සූදානම් කර ටෙන්ඩර් කැඳවනු ලැබුවත් එමගින් ලැබුණේ ටෙන්ඩර් 150ක පමණ ප්‍රමාණයක් පමණක් බව ද සඳහන් කළේය.