ආර්ථික ත්‍රස්තවාදයෙන් මව්බිම බේරා ගැනීමට පෙරට එනු

බෝම්බ ගහන අය සේම රාජ්‍ය දේපොළ හොරා කන පුද්ගලයන් ද ත්‍රස්තවාදීන් බංකොලොත් වූ රටේ ජනතාව කුස ගින්නේ සිටිය දී ආර්ථික ත්‍රස්තවාදීන් සුර සැප විඳිනවා සිංගප්පූරු සිහිනය පෙන්වා රට බංකොලොත් කළා වීරෝධාර…
බෝම්බ ගහන අය සේම රාජ්‍ය දේපොළ හොරා කන පුද්ගලයන් ද ත්‍රස්තවාදීන්
බංකොලොත් වූ රටේ ජනතාව කුස ගින්නේ සිටිය දී ආර්ථික ත්‍රස්තවාදීන් සුර සැප විඳිනවා
සිංගප්පූරු සිහිනය පෙන්වා රට බංකොලොත් කළා

වීරෝධාර රණවිරුවන් කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් මව්බිම බේරා ගත්තත් අද ඒ මව්බිම දරුණු ආර්ථික ත්‍රස්තවාදයකට මුහුණ දී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
සමගි රණවිරු බලවේගයේ කළුතර දිස්ත්‍රික් සමුළුවට එක්ව සිටී විරෝධාර රණවිරුන් අමතමින් මේ බව අවධාරණය කර සිටී විපක්ෂ නයක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ, රටේ වර්තමානයේ පවතින තත්ත්වය ආර්ථික ත්‍රස්තවාදයක් බවය.
දැන්වීම
ත්‍රස්තවාදීන් යනු මිනිසුන්ගේ ජීවිත සහ දේපොළ උදුරා ගන්නා අනතවදීන් යැයි ද, ශ්‍රී මහා බැංකුවට එදා එල්ල කෙරුණු අති විනාශකාරී බෝම්බ ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් වනවා සේම රටේ වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල්වලට සිදු කරන බලපෑමද දරුණු ත්‍රස්තවාදී ක්‍රියාවක් යැයි ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එදා බෝම්බ ගසා රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගත් ත්‍රස්තවාදීන් කණ්ඩායමක් සිටියා සේම වර්තමානයේ රට විනාශ කරමින් බංකොලොත් කර රටේ ජාතික සම්පත් සහ මහා ජන දේපොළ අමු අමුවේ මහා දවල් හොරා කා අල්ලස දූෂණය සහ වංචාව වපුරන ත්‍රස්තවාදීන් කණ්ඩායමක් සිටින්නේ යැයි පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා ජනතාව කුස ගින්නේ සිටිය දී එම කණ්ඩායම සුර සැප විඳින්නේ යැයි ද චෝදනා කළේය.
රට බංකොලොත් කළ කණ්ඩායමේ පිහිටෙන් බිහි වූ ජනාධිපතිවරයා අසාධාරණ බදු වැඩ පිළිවෙළක් අනුගමනය කරමින් සිටින්නේ යැයි ද, රටේ පොදු ජනතාවගේ බෙල්ල මිරිකා ජීවත් වීමේ අයිතිය උදුරා ගත් කණ්ඩායමක් මේ වන විට රට පාලනය කරන්නේ යැයි ද සඳහන් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ජනතාවගේ කර පිට හිස-මත අසීමිත බරක් සහ පීඩනයක් පට වන මේ පුද්ගලයන් ආර්ථික ත්‍රස්තවාදීන් යැයි ද පෙන්වා දුන්නේය.
සුළු පිරිසකගේ සහ පවුල් කිහිපයකගේ අවශ්‍යතාවය මත සමස්ත රටේ ලක්ෂ 220 ම තලා පෙලා පොඩි කර විනාශ කරන ආර්ථික ත්‍රස්තවාදයක් රටේ ක්‍රියාත්මක වන්නේ යැයි කියා සිටී සජිත් ප්‍රේමදාස මහතා විරෝධාර සහ උතුම් රණවිරුවන් බේරා ගත් මේ මව්බිම ආර්ථික ත්‍රස්තවාදීන් බංකොලොත්භාවයට පත් කළත් ඔවුන්ට හිමි දඩුවම් මේ වන තෙක් ලැබී නැතැයි ද පැවසීය.
ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරනවා කියන හීන පෙන්වා බලයට පැමිණි පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් නිසා අන්ත දුගී දුප්පත්භාවයට පත්වූ රටක් ලෙසට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් චෝදනා කළේය.
