අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආර්ථික ගැටලු විසඳන හැටි ගැන ජනපතිට ඇමරිකානු ප්‍රසාදය

ආර්ථික ගැටලු විසඳන හැටි ගැන ජනපතිට ඇමරිකානු ප්‍රසාදය

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබකර් ( Eileen Laubacher ) මහත්මිය බදාදා (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල්…

ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබකර් ( Eileen Laubacher ) මහත්මිය බදාදා (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රටේ වත්මන් ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති සාධනීය පියවර පිළිබඳ ඇමෙරිකානු රජයේ ප්‍රසාදය පළ කරන බව අයිලීන් ලෝබකර් මහත්මිය එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැසුවාය. 

ශ්‍රී ලංකාවේ සිදු කෙරෙමින් පවතින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුළු ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා අයිලීන් ලෝබකර් මහත්මිය දැනුවත් කළ අතර මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සම්බන්ධ කරුණු සේම ඒ සඳහා සමුද්‍රීය සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළේය.

දැන්වීම

අයිලීන් ලෝබකර් මහත්මිය මෙහිදී සදහන් කළේ ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ හවුල්කාරිත්වය අගය කරන අතරම දෙරට අතර හවුල්කාරීත්වය තව දුරටත් ශක්තිමත් කර ගැනීමට උනන්දුවෙන් පසුවන බවය.

එම හමුවෙන් අනතුරුව ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබකර් මහත්මිය ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාද හමු වී සාකච්ඡා කළාය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආර්ථික ගැටලු විසඳන හැටි ගැන ජනපතිට ඇමරිකානු ප්‍රසාදය | Lanka Newsweek