ආර්ථිකය පෙන්වා ජනතාවගේ ජීවිත බිලි නොදෙනු

කැබිනට් මණ්ඩලය බාල්දු නොකරනු වෛද්‍ය උපදෙස් අනුව රට වසා වසංගතය පාලනය කළ යුතුයි COVID-19 පාලන කමිටු අසාර්ථකයි ▶ වීඩියෝව නරඹන්න ආර්ථිකය ගැන කියමින් ජනතාවගේ ජීවිත බිල්ලට නොදී විශේඥ වෛද්‍ය උපදෙස් අනුව…
කැබිනට් මණ්ඩලය බාල්දු නොකරනු
වෛද්‍ය උපදෙස් අනුව රට වසා වසංගතය පාලනය කළ යුතුයි
COVID-19 පාලන කමිටු අසාර්ථකයි
ආර්ථිකය ගැන කියමින් ජනතාවගේ ජීවිත බිල්ලට නොදී විශේඥ වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරමින් COVID-19 වසංගතයෙන් රටත් ජනතාවත් බේරා ගැනීමට ජනාධිපතිවරයා ප්‍රධාන රජය වහාම ක්‍රියා කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.
"කොවිඩ් -19" පිටුදැකීම උදෙසා හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, COVID-19 වසංගතය පිටු දැකීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත ඉරිදා (23) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් වන අතර එම ප්‍රකාශය මෙසේය.
දැන්වීම
COVID-19 රෝග පාලන එන්නත් කෝටි තුනක ප්‍රමාණයක් මෙරට ජනතාවට අවශ්‍යයි. එම එන්නත් ප්‍රමාණය මෙම වසර ඇතුළත ගෙන්වා ගැනීමේ අපහසුතාවක් තිබෙනවා. එම නිසා COVID-19 පාලනය වෙනුවෙන් අලුතින් සිතා අලුත් වැඩ පිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පිරිසට එහි දෙවෙනි මාත්‍රාව දිය යුතු වෙනවා. නමුත් එහි හිඟයක් පවතින නිසා එම එන්නත ගෙන්වා ජනතාවට ලබා දෙන්න රජය කටයුතු කළ යුතුයි. රජයත්, තවත් කොටසක් පෞද්ගලිකවත් අවශ්‍ය එන්නත් ප්‍රමාණය ගෙන්වා ගන්න උත්සාහ දරමින් සිටිනවා.
රජය එන්නත්කරණය කර ගෙන ගියත් සියලු පුරවැසියන්ට මේ වසරේ දී එන්නත් දී අවසන් හැකියාවක් ඇත්තේ නැහැ. එම නිසා වෛද්‍ය උපදෙස් ගෙන පළමුව කළ යුත්තේ වෛරසය තව දුරටත් ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමයි. මෙහිදී ඉතාම කාලෝචිතම වෛද්‍ය උපදෙස් පිළි ගැනීමයි. එමනිසා ආර්ථිකය ගැන පෙන්වමින් ජන ජීවිත බිල්ලට දෙන්න එපා. ඒ මන්ද ශ්‍රී ලංකාව බහිරව කන්දක් නොවෙයි. ශ්‍රී ලංකාවේ රුපියල බාල්දු වුණේ මහ බැංකුව මුදල් අච්චු ගැසූ නිසයි.
එන්නත වෙනුවෙන් ඩොලර් කෝටි 20 ක් 2020 නොවැම්බරයේදි ආයෝජනය කළා නම් එන්නත් ප්‍රශ්නයක් මේ රටේ නෑ. විදේශ විනිමය ගැන පමණක් සිතා ඉන්දියානු සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම නිසා වෛරසය තව තවත් පැතිරුණා. මේ වන විට පවතින COVID-19 පාලන කමිටුවලින් මෙම වසංගතය මර්දනය කිරීමට නොහැකි වෙයි.
රට වහන්න අවශ්‍ය නම් රට වසා, සහන අවශ්‍ය ජන කොටස්වලට සහන දිය යුතුයි. ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් ව්‍යවස්ථාවෙන් තිබෙන බලතල ගෙන රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය සැලසුම් සකස් කළ යුතුයි. කැබිනට් මණ්ඩලය බාල්දු කරන්න එපා. රටේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අවශ්‍ය බලය ගෙන කටයුතු කරමු. එසේ කරමින් රට ජාතිය බේරා ගන්න අවශ්‍ය කටයුතු කරන ලෙස අප ජනාධිපතිවරයා ප්‍රධාන රජයෙන් ඉල්ලා සිටිනවා..