ආර්ථිකය ගොඩනගන ජනපතිගේ මෙහෙයුමට චීනයේ පූර්ණ සහය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යනු ලබන ප්‍රයත්නයට චින රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චින විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං (Sun Weidong) මහතා අවධාරණය කළේය. දෙරට…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යනු ලබන ප්‍රයත්නයට චින රජයේ පූර්ණ සහාය ලබාදෙන බව චින විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං (Sun Weidong) මහතා අවධාරණය කළේය.
දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් චීනය උනන්දුවෙන් පසුවන බව ද අඟහරුවාදා (30) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී චීන උප ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
මෙම තීරණාත්මක කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට චීනය ලබාදුන් නොසැළෙන සහාය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී චීන උප ඇමතිවරයා වෙත සිය කෘතඥතාවය පළ කළේය.
ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා වර්ධනය කර ගැනීමට චීනයේ කැපවීම අවධාරණය කළ උප අමාත්‍යවරයා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා නව අවස්ථා සොයා බැලීමට චීනය උනන්දුවෙන් පසුවන බව ද කියා සිටියේය.
දැන්වීම
චින විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයිඩොං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡා දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින් සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට ඉවහල් වනු ඇත.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.