ආර්ථිකය ගැන ආසියාවේ හොඳම මුදල් ඇමතිගේ විග්‍රහය ළඟදීම

"Digital" ආර්ථිකයක් ඕනෑ රනිල් හැර විකල්පයක් නැහැ රටේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය, ඊට බලපෑ හේතු සහ එම අර්බුදයෙන් රට-ජනතාව මුදවා ගත හැකි ක්‍රමවේදය සම්බන්ධයෙන් ළඟදීම පුළු විග්‍රහයක් කිරීමට ආසියාවේ හොඳම…
"Digital" ආර්ථිකයක් ඕනෑ
රනිල් හැර විකල්පයක් නැහැ
රටේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදය, ඊට බලපෑ හේතු සහ එම අර්බුදයෙන් රට-ජනතාව මුදවා ගත හැකි ක්‍රමවේදය සම්බන්ධයෙන් ළඟදීම පුළු විග්‍රහයක් කිරීමට ආසියාවේ හොඳම මුදල් ඇමති සහ රටේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කටයුතු කරමින් සිටියි.
අතිශයින් දියුණු "Digital" ආර්ථිකයක් ගැන විශ්වාසය තබා සිටින රවී කරුණානායක මහතා අවධාරණය කර සිටින්නේ ආර්ථිකය "Digital" කිරීමෙන් දූෂණ, වංචා සහ අක්‍රමිකතා සියල්ල නතර කළ හැකි වන අතර එමගින් රට ආර්ථික වශයෙන් දියුණු කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කළ හැකි බවය.
කෙටි කලක් නිහඬව සිටී රවී කරුණානායක මහතා මේ වන විට යළිත් දේශපාලන කරළියට පැමිණ සිටින අතර රට ආර්ථික වශයෙන් ගොඩනැගීම සඳහා තිරය පිටු පස සිටිමින් සිය දායකත්වය සහ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන රජය වෙත ලබා දෙමින් සිටියි.
ආසියාවේ හොඳම මුදල් ඇමති සහ රටේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටින්නේ, මේ අවස්ථාවේ රට ඉදිරියට ගෙන යා හැකි එකම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවය.