අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආර්ථිකයට කළ හානි ගැන කතා කරන්න සතියක විවාදයකට එනු

ආර්ථිකයට කළ හානි ගැන කතා කරන්න සතියක විවාදයකට එනු

විපක්ෂ නායක බන්දුල ගුණවර්ධනට අභියෝග කරයි සුපිරි පොහොසතුන්ට බිලියන 700 ත් 800 අතර ණය සහන ලබා දී, රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 12% සිට 8% දක්වා අඩු කරමින් ආර්ථිකයට සිදු කළ හානියේ…

විපක්ෂ නායක බන්දුල ගුණවර්ධනට අභියෝග කරයි

සුපිරි පොහොසතුන්ට බිලියන 700 ත් 800 අතර ණය සහන ලබා දී, රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 12% සිට 8% දක්වා අඩු කරමින් ආර්ථිකයට සිදු කළ හානියේ තරම පැහැදිලි කිරිම සඳහා හැකි නම් සතියක විවාදයක් ලබා දෙන ලෙසත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිකුරාදා (24) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට අභියෝග කළේය.

"Fitch", "Moody's" සහ " Standard & Poor's" යන ශ්‍රේණිගත කිරීම්වලින් රට පහළ දමන විට වත්මන් රජයේ ආර්ථික මහ මොලකරුවන් සිනා සෙමින් සිටී බව ද සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය. 

බන්දුල ගුණවර්ධන නම් මහා ආර්ථීක විශේෂඥයා ලියූ පොතට අනුව, සෞභාග්‍යයේ දැක්මක් නිර්මාණය කළ බව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, 2015ත් 2019ත් අතර ලබා ගත් ණයවලින්  89%ක් පමණ වැය කළේ, 2005ත් 2015ත් අතර ලබා ගත් ණයවල පොලිය ගෙවීමට බවද සිහිපත් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආර්ථිකයට කළ හානි ගැන කතා කරන්න සතියක විවාදයකට එනු | Lanka Newsweek