අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට..!

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට..!

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස අද (28) අධිකරණයේදී නම් කෙරුණු අතර මිට සුළු මොහොතකට පෙර ඒ මහතා…

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල්  රවින්ද්‍ර විජේගුණරත්න මහතා පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  සැකකරුවකු ලෙස   අද (28)  අධිකරණයේදී නම් කෙරුණු අතර මිට සුළු මොහොතකට පෙර ඒ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ දෙවැනි සැකකරු ලෙස රහස් පොලිසිය විසින් ඒ මහතා නම් කරන ලදී.

උදැසන සිය නිල ඇදුමෙන් අධිකරණයට පැමිණි ඒ මහතා නඩුව සවස 2.30 දක්වා කල් තැබීමෙන්  අනතුරුව  තමන්ට අයිති රියක නැගී සාමාන්‍ය ඇඳුමෙන් අධිකරණයට පැමිණීමෙන් පසු මෙලෙස ඇත අඩංගුවට ගෙන ඇත.

මේ වන විට ඔහු  බන්ධනාගාර නිලධාරීන් බාරයේ රඳවා සිටී.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න