ආරක්ෂක කටයුතු ගැන සාකච්ඡාවකට යුරෝපා සංගම් නියෝජිත කර්චෝව් දිවයිනට..!

(නායක බණ්ඩාර) යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක නිලධාරී ජිල්ස් ඩී කර්චෝව් අද(11) සිට ලබන 16 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නිල සංචාරයකට පිටත්ව යන බව යුරෝපා සංගමය නිවේදනය කරයි.…
(නායක බණ්ඩාර)
යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක නිලධාරී ජිල්ස් ඩී කර්චෝව් අද(11) සිට ලබන 16 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නිල සංචාරයකට පිටත්ව යන බව යුරෝපා සංගමය නිවේදනය කරයි.
2007 සිට යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන කර්චෝව් මෙම සංචාරයේ දී දෙරටේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා සහාය දැක්වීම පිළිබඳ සාකච්ඡා කරනු ඇති.
කර්චෝව් මෙම සංචාරයේ දී හෙට(12) ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත අතර, එහි දී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ඉහළ නියෝජිතයන් මෙන් ම ආරක්ෂක ප්‍රධානීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතය.