අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආපදා තත්ත්වයෙන් ජපානයේ 51ක් මරුට-44ක් අතුරුදන්..!

ආපදා තත්ත්වයෙන් ජපානයේ 51ක් මරුට-44ක් අතුරුදන්..!

(සුජිත් මංගල ද සිල්වා) ජපානයට මේ වන විට බලපා ඇති ගංවතුර සහ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 51 ක් දක්වා ද අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව 44 දක්වා ද ඉහළ ගොස් තිබේ. පුද්ගලයින් විසි ලක්ෂයකට ආසන්න පිරිසක්…

(සුජිත් මංගල ද සිල්වා)

ජපානයට මේ වන විට  බලපා ඇති ගංවතුර සහ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 51 ක් දක්වා ද අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව 44 දක්වා ද ඉහළ ගොස් තිබේ.

පුද්ගලයින් විසි ලක්ෂයකට ආසන්න පිරිසක් නිවාසවලින් ඉවත් කර ඇති බව ද ස්වභාවික විපර්යාසවලින් නිරන්තරයෙන් පීඩාවට පත් වන හිරෝෂිමාව ඇතුළු ජපානයේ බටහිර ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණයෙන් නිවාස සහ ගොඩනැගිලි දහස් ගණනක් විනාශ වී තිබෙන බව ද ජපාන NHK රූපවාහිනිය සඳහන් කරයි.

ඊයිම් සහ කොචි ප්‍රදේශවලටත් මධ්‍යම ජපානයටත් ඉදිරියේදී අධික වැසි ඇති විය හැකි බවට එරට කාලගුණ බලධාරීන් යළිත් අනතුරු ඇඟවීමක් කර තිබේ.

ගත වූ පැය තුන ඇතුළත වැඩිම වර්ෂාපතනයක වූ මිලිමීටර 364  වාර්තා වී ඇත්තේ උවාජිමා නගරයෙන් අවන අතර කොචි ප්‍රාන්තයේ සුකෝමා නගරයට මිලිමීටර 263 ක වර්ෂාපතනයක් ලැබී ඇත.

බටහිර කලාපය ජලයෙන් වැසී යද්දී, ටෝකියෝ නුවර ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති අතර එහි ප්‍රබලත්වය සටහන් වුණේ මැග්නිටියුට් ඒකක 6 ක් ලෙස ය. එම භූ කම්පනයත් සමඟ නිවාස සහ ගොඩනැගිලි විනාඩි කිහිපයක් යම් සෙළවීමකට ලක්ව තිබේ.

විපතට පත් ජනතාවට සහන සැලසීමට වර්ෂාවෙන් බාධා එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරන නමුත්  ජනතාවට උපරිම සහන සැලසීමට පියවර ගන්නා බව, ජපාන රජය පවසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආපදා තත්ත්වයෙන් ජපානයේ 51ක් මරුට-44ක් අතුරුදන්..! | Lanka Newsweek