ආපදාවෙන් වැටුණු රට ගොඩගන්න රනිල්ගෙන් යෝජනා

විවිධ අංශවල ප්‍රමුඛ පුද්ගලයින්ගේ විශේෂ රැස්වීමක් කැඳවිය යුතුයි - පළමු රැස්වීමේ මුලසුන මහා නායක හිමි වරුන්ට ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන අතිශය ව්‍යසනකාරී තත්ත්වයට කිසිඳු රජයකට තනිව මුහුණ දිය නොහැකි…
විවිධ අංශවල ප්‍රමුඛ පුද්ගලයින්ගේ විශේෂ රැස්වීමක් කැඳවිය යුතුයි - පළමු රැස්වීමේ මුලසුන මහා නායක හිමි වරුන්ට
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන අතිශය ව්‍යසනකාරී තත්ත්වයට කිසිඳු රජයකට තනිව මුහුණ දිය නොහැකි හෙයින් ඉදිරියේදී සියලුදෙනාගේම සංහිඳියාවෙන් රට ගොඩනැගිය යුතුව ඇතැයි මෙරට දේශපාලන පක්ෂ නායකයන් සහ නියෝජිතයෝ බදාදා (03) ප්‍රකාශ කලහ.
Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් කොළඹ මල් පාර දේශපාලන පක්ෂ කාර්යාලයේදී පක්ෂ නායකයින් සහ නියෝජිතයින්ගේ හමුව බදාදා (03) සවස පැවැත්විණි.
මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ 35 කට අධික සංඛ්‍යාවක නායකයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් ඉහත සාකච්ඡාවට සහභාගී වූ බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
දැන්වීම
දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් සහභාගී වූ මෙම සාකච්ඡාවේදී “දිට්වා” සුළි කුණාටුවේ බලපෑමෙන් ජීවිතක්ෂයට පත් සියලු ශ්‍රී ලාංකේය ජනතාවට විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවයක්ද ප්‍රකාශ කෙරිණි.
නැවත රට ගොඩනැගීමේ ක්‍රියාවලියේදී ඊට මග පෙන්වීමට සියලු ආගමික, දේශපාලන නායකයින් සහ විවිධ අංශවල ප්‍රමුඛ පුද්ගලයින්ගේ විශේෂ රැස්වීමක් කැඳවිය යුතු බවටද එහිදී තීරණය කෙරිණි. පළමු රැස්වීමේ මුලසුන හෙඹවීම සඳහා මහා නායක හිමිවරුන් සිව් නමට ආරාධනා කිරීමටද යෝජනා විය.
ඊට අමතරව හින්දු ප්‍රභූවරුන් සමග සාකච්ඡා කර හින්දු කටයුතු අමාත්‍යවරයෙකු, අමාත්‍යංශ ලේකම්වරයෙකු, හින්දු කටයුතු අධ්‍යක්ෂවරයෙකු, සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා පත් කළ යුතු බවට එහිදී අදහස් හුවමාරු විණ.
මේ වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ක්‍රියා කරන බව පෙන්වා දුන් පක්ෂ නායකයෝ පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩලය විසින් අද රාජ්‍ය බලය ක්‍රියාත්මක කරන බවටද චෝදනා නැගූහ. පැලවත්තෙන් බලය ඉවත් කර නැවත පාර්ලිමේන්තුවට පැවරීම සහතික කිරීම සඳහා පක්ෂ නායකයින් කැඳවා තීරණයක් ගත යුතු බවටද එහිදී අදහස් ප්‍රකාශ වූහ.