අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආපදාවලින් 11ක් මරුට-77481ක් අවතැන්

ආපදාවලින් 11ක් මරුට-77481ක් අවතැන්

(නිලන්ති මානෙල් ) මහා වැසි,සැඩ සුළං සහ ජාල ගැලීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් එකොලොස් දෙනකු මිය ගොස් පවුල් 23884ක් සහ පුද්ගලයින් 77481ක් අවතැන් වී සිටිති. වැඩිම හානිය සිදුව තිබෙන්නේ කළුතර…

(නිලන්ති මානෙල් )

 

මහා වැසි,සැඩ සුළං සහ ජාල ගැලීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් එකොලොස් දෙනකු මිය ගොස් පවුල් 23884ක් සහ පුද්ගලයින් 77481ක් අවතැන් වී සිටිති.

වැඩිම හානිය සිදුව තිබෙන්නේ කළුතර දිස්ත්‍රික්කයට අතර මේ මහා වැසි,සැඩ සුළංසහ ජල ගැලීම් හේතුවෙන් එම දිස්ත්‍රික්කයේ පවුල් 8649ක් සහ පුද්ගලයින් 33977ක් අවතැන් වී සිටින අතර වැඩිම මරණ සංක්‍යාවක් වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 6ක් වාර්තා වන අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 3ක් ද මාතර සහ ගම්පහ දිස්ත්රික්වලින් මරණ එක බැගින් මේ වන විට වාර්තා වී තිබේ.ආපදා තත්ත්වය හේතුවෙන් පනස් හය දෙනකු තුවාල ලබා සිටින අතර පස් දෙනෙක් අතුරුදන්ව සිටිති.පූර්ණ නිවාස හානි 536ක් ද අර්ධ නිවාස හානි 20360ක් ද වාර්තා වෙයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආපදාවලින් 11ක් මරුට-77481ක් අවතැන් | Lanka Newsweek