ආපදාවලින් මියගිය පුද්ගලයන් වෙනුවෙන් දස ලක්ෂයක වන්දියක්
රුපියල් ලක්ෂයක් දැනටමත් දී අවසන්..ඉතිරි ලක්ෂ නමයත් කඩිනමින් නිවාස හා දේපළ හානි වෙනුවෙන් රුපියල් 10.000 දක්වා අත්තිකාරම් මුදලක් (සුජිත් මංගල ද සිල්වා) ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයන් වෙනුවෙන් රජය…
රුපියල් ලක්ෂයක් දැනටමත් දී අවසන්..ඉතිරි ලක්ෂ නමයත් කඩිනමින්
නිවාස හා දේපළ හානි වෙනුවෙන් රුපියල් 10.000 දක්වා අත්තිකාරම් මුදලක්
(සුජිත් මංගල ද සිල්වා)
ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයන් වෙනුවෙන් රජය පිරිනමන රුපියල් ලක්ෂ 10 වන්දි මුදලින් රුපියල් ලක්ෂය බැගින් වූ අත්තිකාරම් මුදල් දැනටමත් ලබාදී ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ මියගිය ධීවරයන් අට දෙනාගේ නිවෙස්වලට ගොස් රුපියල් ලක්ෂය බැගින් අට ලක්ෂයක මුදලක් ඔවුන්ගේ ඥාතීන් වෙත ප්‍රදානය කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
දැන්වීම
මුහුදේ දී අනතුරට පත්වී මියගිය ගාල්ල දොඩංදූව, රත්ගම,ගෝනපීනුවල, පිංකන්ද හා අම්බලන්ගොඩ පදිංචිව සිටි ධීවරයන් අට දෙනකු වෙනුවෙන් අමාත්‍යවරයා මෙම මුදල් පිරිනැමීම සිදුකළේය.
ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ කීවේය.
“අහිමි වූ පුද්ගලයන්ගේ ජීවිතවල වටිනාකම අපිට මුදලින් තක්සේරු කරන්න බැහැ. නමුත් අපි රජයක් ලෙස මේ පුද්ගලයන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදෙනවා. එයින් රුපියල් ලක්ෂය බැගින් වූ රුපියල් අට ලක්ෂයක් මා ඔවුන්ගේ නිවෙස්වලට ම ගිහින් දුන්නා. ඒ වගේ ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත් සමස්ථ රජයේත් ශෝකයකය මා ඔවුන්ට පුද්ගලිකව ම ප්‍රකාශ කළා. ඒ සෑම අයෙකුගේ ම ඥාතීන් කියපු දෙයක් තමයි ධීවර වරායන්වලින් අයහපත් කාලගුණික තත්ත්වය ගැන නිසි පරිදි දැනුම් දුන්නේ නැහැ කියා. මේ ගැන මා ධිවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නා. එතුමා කීවා ඒ පිළිබඳ සොයා බලා වරදක් වී තිබේදැයි පරීක්ෂා කරන බව. ඉදිරියේ දී එවැනි වරදක් සිදු නොවීමටත් රජය වගබලාගන්නා බව ද මේ අවස්ථාවේ ප්‍රකාශ කළ යුතුයිග”
මේ අතර ගාල්ල ඇතුළු ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්කයන්හි පීඩාවට පත් ජනතාවගේ නිවාස ඇතුළු දේපළ සඳහා වන්දි ප්‍රදානය දැනටමත් ආරම්භ කර ඇති බව ද ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කරයි. ඒ වෙනුවෙන් සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා යන නිවාඩු දිනවලදී ද ආපදා සිදුවූ සියළුම දිස්ත්‍රික්කයන් හි දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විවෘත තිබුණු අතර පීඩාවට පත් ජනතාවට ප්‍රාදේශීය ලේකම්වරු මගින් වන්දි ලබාගැනීමට හැකි වූ බව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
හානිය තක්සේරු කර නිශ්චිත වන්දි මුදල් ලබාදෙන තුරු හදිසි අවශ්‍යතා වෙනුවෙන් රුපියල් 10.000ක් දක්වා අත්තිකාරම් මුදලක් මේ අනුව ලබා ගැනීමේ අවස්ථාව පීඩාවට පත් ජනතාවට හිමිකර දී ඇත.
මෙතෙක් තමන්ට සිදුවූ හානිය පිළිබඳ තමන් පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට හෝ වෙනත් ක්ෂේත්‍ර නිලධාරීවරයකුට හෝ දැනුම් දී නොමැතිනම් කඩිනමින් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහතා ඉල්ලා සිටියි.
එසේ ක්ෂේත්‍ර නිලධාරීන්ට දැනුම් දීමේ යම් අපහසුවක් ඇත්නම් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති 1902 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ද එම අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙයි.