ආපදාවන්ට ලක් වූ ජනයා වෙනුවෙන් විපක්ෂ නායක හඬ නගයි

පරණ චක්‍රලේඛ මගින් ආපදා සහන සලසනු බැහැ ජීවන වියදම වැඩියි සුනාමියෙන් පසු ලැබුණු ඩොප්ලර් රේඩාර් පද්ධතිය තවමත් හයි කර ගන්න බැරි වෙලා මාතර ගල් බන්ට් එක උතුරලා ගංවතුර අවදානමක් ඇති වෙලා නිරිතදිග මෝසම්…
පරණ චක්‍රලේඛ මගින් ආපදා සහන සලසනු බැහැ
ජීවන වියදම වැඩියි
සුනාමියෙන් පසු ලැබුණු ඩොප්ලර් රේඩාර් පද්ධතිය තවමත් හයි කර ගන්න බැරි වෙලා
මාතර ගල් බන්ට් එක උතුරලා ගංවතුර අවදානමක් ඇති වෙලා
නිරිතදිග මෝසම් ආරම්භයත් සමඟම අනපේක්ෂිත කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ගංවතුර නිසා ආපදා රැසකට ලක්ෂ සංඛ්‍යාත ජනතාව මුහුණ දී ඇති බවත් මේ ජනතාව වෙනුවෙන් දිවා රෑ වෙහෙස නොබලා සේවය කර දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පොලිසිය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ආදිය දරන උත්සාහයට සිය ප්‍රණාමය පුද කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය..
එසේම මේ ආපදාවට පත් ජනතාවට ලබා දෙන සහන, කෙටි කාලීනව කඩිනමින් සැපයිය යුතු බවත් බොහෝ දෙනෙකුට ආහාර ඇදුම් පවා අහිමි වී ඇති නිසා විධිමත් වැඩ සටහනක් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවත් ලැබී ඇති තොරතුරු අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අමතර ප්‍රතිපාදන ලක්ෂ 10ක් යැව්වත් එම ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
රට බංකොලොත් වූ කාලයේ දී ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති 2022.05.16 යන නමින් යුත් විපතට පත් වූවන්ට සහන සලසන චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් ඊට පසුව සිදුවූ ආර්ථික කඩා වැටීම මත බඩු මිල ආදිය විශාල ලෙස වැඩි වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
දැන්වීම
කෙසේ නමුත් මෙම චක්‍රලේඛය හරහා එක් පුද්ගලයකුට දෛනිකව පිසූ ආහාර සදහා රුපියල් 450ක් ද, එක් පුද්ගලයකුට සතියකට වියලි ආහාර සදහා රුපියල් 1350ක් ද, සාමාජිකයන් දෙදෙනෙකු සිටින සිටින පවුලකට රුපියල් 1800ක් ද, සාමාජිකය්න තිදෙනෙකු සිටින පවුලකට රුපියල් 2100ක් ද, සාමාජිකයන් සිව් දෙනෙකු සිටින පවුලකට රුපියල් 2400ක් සහ සාමාජිකයන් පස් දෙනෙකු සිටින පවුලකට රුපියල් 2700ක් ද වෙන් කර ඇති බවත් ඒ අනුව සතියකට සාමාජිකයකයන් දෙදෙනෙකු සිටින පවුලක එක් පුද්ගලයකුට රුපියල් 900ක් වෙන් වෙද්දී, සාමාජිකයන් පස් දෙනෙකු සිටින පවුලක එක් අයකුට සතියකට වෙන් වන්නේ රුපියල් 540ක් බවත් පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා මෙහි සඳහන් මුදල් වත්මන් ජීවන වියදමත් සමඟ නොගැලපෙන නිසා එම චක්‍රලේඛය සංශෝධනය විය යුතු බවත් අවධාරණය කළේය.
එසේම මේ සහන ලබා දීම ක්‍රමවත්ව සංශෝධනය විය යුතු බවත් ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩ පිළිවෙළක් තිබුණා නම් මෙම ක්‍රමවේද යාවත්කාලීන විය යුතුව තිබූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
හදිසි ආපදා තත්ත්වය මත අප රටට සුනාමියෙන් පසු රේඩාර් පද්ධතියක් ලැබුණු බවත් එම ඒකකය ඩොප්ලර් රේඩාර් පද්ධතිය නම් වන බවත් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන ආකාරයට අලුතින්ම ඩොප්ලර් රේඩාර් පද්ධතිය සවි කරන්න තව මාස කිහිපයක් ගත වන බවත් සුනාමියෙන් පසු ලැබුණු ඩොප්ලර් රේඩාර් පද්ධතියට දෙනියාය ගොංගල කන්ද මුදුනේ කුළුනක් ඉදි කිරිමට කොන්ත්‍රාත්තුව ලබා දුන්නත් 2017 ජුනි 14 වන තුරු සිදුව නොමැති බවත් සුනාමියෙන් පසු ලැබුණු එකවත් සවි කර ගන්න බැරි රටක අප සිටින නිසා මේ ගැන සොයනා ලෙස ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තවද කෘතීම බුද්ධිය උපයෝගී කර ගෙන ගංවතුර සහ ආපදා තත්ත්වලදී පෙර සූදානමක් ඇති කර ගත හැකි බවත් අනාවැකි මාදිලි, කෙටි කාලින සහ දිගු කාලීන අනාවැකි ආදීය සම්බන්ධ තොරතුරුවලින් සවිබල ගැන්විය හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට මාතර ආපදා තත්ත්වය බරපතළ බවය.
නිල්වලා ගඟ ද්‍රෝනියේ ඇති අත්තුඩාවේ ගල් බන්ට් එක උතුරා යාම නිසා අවදානමට ලක් වන බොහෝ ප්‍රදේශ ඇති බවත් මේවා ඉදිරි පැය 48ක් ඇතුළත ගං වතුර අවදානමට ලක්ව ඇති ප්‍රදේශ බවට නිවේදනය කර ඇති නිසා මේ ගැන සොයා බලන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් රජයෙන් ඉල්ලා සිටියේය.