අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආනන්දාභිමානී සම්මානයත් කරූට

ආනන්දාභිමානී සම්මානයත් කරූට

ආර්ථික, ආගමික ,සංස්කෘතික සහ දේශපාලනික යන සකල අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ ආනන්දීය චරිතයකට ජීවිතයට එක් වරක් පමණක් ලබා දෙන ආනන්දාභිමානී සම්මානය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික…

ආර්ථික, ආගමික ,සංස්කෘතික  සහ දේශපාලනික යන සකල අංශයන්ගෙන් විශිෂ්ටත්වයට පත් ජනවාර්ගික සාමය වෙනුවෙන් කැපවූ  ආනන්දීය චරිතයකට ජීවිතයට එක් වරක් පමණක් ලබා දෙන ආනන්දාභිමානී සම්මානය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරූ ජයසූරිය මහතාට ලබා දීමට කොළඹ ආනන්ද විද්‍යාලය තීරණය කර තිබෙි.

ආනන්ද විද්‍යාලයේ 135 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් කරූ ජයසූරිය මහතාට මෙම සම්මානය පිරිනැමීමට නියමිතය. 

කොළඹ ආනන්ද විද්‍යාලයේ 2020 සහ 2021 වර්ෂ සඳහා වන ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (29) පෙරවරු 9.00 ට පැවැත්වෙි.

ආනන්ද විද්‍යාලයේ කලමනාකාරණ මණ්ඩලයේ තීරණයකට අනුව කරූ ජයසූරිය මහතාට මෙම සම්මානය පිරිනැමෙන අතර ඔහු මීට පෙර ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආනන්දාභිමානී සම්මානයත් කරූට | Lanka Newsweek