ආණ්ඩු විරෝධී රැලියට පොල්ල තබා රනිල් ඉන්දියාවට පනී

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (21) උදෑසන කොළඹ, කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ හදිසියේම ඉන්දියාවේ…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (21) උදෑසන කොළඹ, කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ හදිසියේම ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබෙන්නේ "ඇස් වසා ගෙළ මිරිකන ආණ්ඩුවට එරෙහි වෙමු" යන තේමාව යටතේ ආණ්ඩුවට එරෙහිව පළමු වෙඩි මුරය පත්තු කෙරෙන ජන රැලිය තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබියදී ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද ඔහු සමග මෙම හදිසි ද ගුවන් ගමනට එක්ව ඇති අතර ඔවුහූ අද (21) උදෑසන 8.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ U.L 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියහ.