අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩු පෙරළියක් ගැන බිය නොවී පාර්ලිමේන්තුව යළි කැඳ වනු

ආණ්ඩු පෙරළියක් ගැන බිය නොවී පාර්ලිමේන්තුව යළි කැඳ වනු

ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් විපක්ෂය ජනපතිගෙන් ඉල්ලයි ආණ්ඩුව නොපෙරළන බවට සහතික වෙයි වැටුප් එපා-කකුලෙන් අදින්නේ නැහැ ආණ්ඩුකරණයේ නීත්‍යානුකූලභාවය සහතික කරනු පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට උපරිම සහය ඇඳිරි නීතියට…

ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් විපක්ෂය ජනපතිගෙන් ඉල්ලයි

ආණ්ඩුව නොපෙරළන බවට සහතික වෙයි 

වැටුප් එපා-කකුලෙන් අදින්නේ නැහැ 

ආණ්ඩුකරණයේ නීත්‍යානුකූලභාවය සහතික කරනු 

පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට උපරිම සහය 

ඇඳිරි නීතියට පූර්ණ සහය

වගකීමෙන් සහය දෙන මේ යෝජනාව කරන්නේ අවංකවම බව සපථ කරයි 

ආණ්ඩු පෙරළියක් ගැන බිය නොවී පාර්ලිමේන්තුව යළි කැඳ වනු

(සුජිත් මංගල ද සිල්වා)    

COVID-19 හෙවත් මාරාන්තික නව කොරෝනා වසංගතයත් එක්ක උද්ගත වී තිබෙන අර්බුදකාරී, භයානක සහ තීරණාත්මක තත්ත්වයෙන් රටත්-ජනතාවත් බේරා ගැනීමේ ජාතික වගකීමට සහ යුතුකමට එකට එක්ව උරදීම සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳ වන්නැයි විපක්ෂයේ දේශපාලන පක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.

පාර්ලිමේන්තුව වහාම යළි කැඳවීමේ ජාතික අවශ්‍යතාවය සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් ලිඛිතව කරුණු පැහැදිළි කරමින් මේ විශේෂ ඉල්ලීම ජනාධිපතිවරයාගෙන් කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, සමගි ජනතා බලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය යන දේශපාලන පක්ෂවල නායකයින් විසිනි.

දැන්වීම

පාර්ලිමේන්තුව යළි කැඳ වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිමින් එම දේශපාලන පක්ෂ නායකයින් නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනය මෙසේය.  

ආණ්ඩු පෙරළියක් ගැන බිය නොවී පාර්ලිමේන්තුව යළි කැඳ වනු

ආණ්ඩු පෙරළියක් ගැන බිය නොවී පාර්ලිමේන්තුව යළි කැඳ වනු

ආණ්ඩු පෙරළියක් ගැන බිය නොවී පාර්ලිමේන්තුව යළි කැඳ වනු

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආණ්ඩු පෙරළියක් ගැන බිය නොවී පාර්ලිමේන්තුව යළි කැඳ වනු | Lanka Newsweek