ආණ්ඩුව ShutDown වෙලා-පී.බී ගේ ලිපියෙන් තහවුරුයි

රාජ්‍ය සේවක වැටුපට අත නොතබනු පාර්ලිමේන්තුව කැඳවා වැටුප් ගෙවීමට මුදල් අනුමත කරනු ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) COVID-19 වසංගත මර්දන ජාතික ව්‍යාපෘතිය සඳහා සිය මැයි මාසයේ වැටුප පරිත්‍යාග කරන…
රාජ්‍ය සේවක වැටුපට අත නොතබනු
පාර්ලිමේන්තුව කැඳවා වැටුප් ගෙවීමට මුදල් අනුමත කරනු
(සුජිත් මංගල ද සිල්වා)
COVID-19 වසංගත මර්දන ජාතික ව්‍යාපෘතිය සඳහා සිය මැයි මාසයේ වැටුප පරිත්‍යාග කරන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා රාජ්‍ය සේවක සේවිකාවන්ගෙන් කර ඇති ඉල්ලීමෙන් පැහැදිළි වන්නේ රාජ්‍ය සේවා පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන නොමැතිව ආණ්ඩුව "ShutDown" වී ඇති බව යැයි පාර්ලිමේන්තුවේ හිටපු සභා නායක, අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.
රටේ උද්ගත වී තිබෙන බරපතළ තත්ත්වය සහ ව්‍යවස්ථා ප්‍රශ්නය හමුවේ 2020.අප්‍රේල් 30 වැනිදාට පෙර හෝ ඊට පසු දින කිහිපයකින් හෝ වහාම පාර්ලිමේන්තුව රැස් කර රාජ්‍ය සේවා සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීමට ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව ක්‍රියා නොකළ හොත් වියදම් කිරීමට මුදල් නොමැතිව ශ්‍රී ලංකා ආණ්ඩුව නියත ලෙසම "ShutDown" වන බව තමා මීට පෙර පෙන්වා දුන් බව සිහිපත් කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, මේ සිදු වෙමින් පවතින්නේ එම ක්‍රියාවලිය යැයි ද සඳහන් කළේය.
දැන්වීම
එම නිසා පාර්ලිමේන්තුව වහාම කැඳවා රාජ්‍ය සේවක සේවිකාවන්ගේ වැටුප් සහ දීමනා ගෙවීමට ද, රාජ්‍ය සේවා පවත්වා ගෙන යාමට ද අවශ්‍ය මුදල් සම්මත කර ගැනීමට ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතු යැයි, එම යෝජනා සම්මත කර ගැනීමට බහුතර බලය නොව තුනෙන් දෙකක බලය වුණත් පාර්ලිමේන්තුවේ දී ලබා දීමට විපක්ෂය සූදානම් බව ද හෙතෙම අවධාරණය කර සිටියේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ මූලික නීතියට අනුවත් ජාත්‍යන්තර කම්කරු නීති රෙගුලාසිවලට අනුවත් රාජ්‍ය සේවක සේවිකාවන්ගේ වැටුප කප්පාදු කිරීමට හෝ ඊට බලපෑම් කිරීමට හෝ කිසිදු හැකියාවක් නොමැති අතර රාජ්‍ය සේවක සේවිකාවන්ගේ වැටුප් ගෙවීමට නොහැකි වුණොත් ඇමරිකා එක්සත් ජනපදයේ සිදු වුණා වගේම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ද නියත ලෙසම "ShutDown" වනු ඇතැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අනතුරු ඇඟවීය.
COVID-19 වසංගත මර්දන ජාතික ව්‍යාපෘතිය සඳහා සිය මැයි මස වැටුප පරිත්‍යාග කරන ලෙසට රාජ්‍ය සේවක සේවිකාවන්ගෙන් ඉල්ලමින් ජනාධිපති ආචාර්ය පී.බී ජයසුන්දර මහතා යවා ඇති ලිපිය මෙසේය.


