ආණ්ඩුව මහා ජනතාව දකින්නේ ත්‍රස්තවාදීන් ලෙසයි

නව ප්‍රතිත්‍රස්ත පනතින් ආණ්ඩුව ත්‍රස්තවාදීන් හැටියට නම් කරන්නේ කවරකුවත් නොව මේ රටේ සාමාන්‍ය මහා ජනතාව යැයි දේශපාලන විද්‍යාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයදේව උයන්ගොඩ චෝදනා කරයි. මෙම තත්ත්වය මුළුමනින්ම…
නව ප්‍රතිත්‍රස්ත පනතින් ආණ්ඩුව ත්‍රස්තවාදීන් හැටියට නම් කරන්නේ කවරකුවත් නොව මේ රටේ සාමාන්‍ය මහා ජනතාව යැයි දේශපාලන විද්‍යාව සම්බන්ධ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයදේව උයන්ගොඩ චෝදනා කරයි.
මෙම තත්ත්වය මුළුමනින්ම ආණ්ඩුවකින් දකින නිර්ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවේ විශාල වර්ධනය වීමක් යැයි ද මීට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට අගයන සියලු කොටස් එකට ඒකරාශී වී සිය හඬ අවදි කළ යුතු යැයි ද මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුම් පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශය මත රජය ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළින් කරන්නේ ආර්ථිකය යළි ගොඩනැංවීමේ බර මුළුමනින් ම දුගී, කම්කරු සහ මධ්‍යම පාන්තික ජනතාව මත පැටවීමක් යැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා එහිදී චෝදනා කරයි.
දැන්වීම
එම තත්ත්වය ඉදිරියේදී අති විශාල සමාජ අර්බුදයක් නිර්මාණය කරනු ඇති අතර මෙම සමාජ අර්බුදය ගැන පාලක පන්තියේ කොටස් දැනටමත් දන්නේ යැයි ද මහාචාර්යවරයා සඳහන් කරයි.
එම තත්ත්වය යටතේ දිනපතා රට පුරා උද්ඝෝෂණ දියත් වෙමින් සාමාන්‍ය ජනයා මහා පාරට බසිනු ඇතැයි ද නව ප්‍රතිත්‍රස්ත පනත යනු ඒ සමාජ අර්බුදය සඳහා සූදානම් වීමක් යැයිද ඔහු අවධාරණය කර සිටියි.
ආණ්ඩුවේ මෙම නිර්ප්‍රජාතන්ත්‍රවාදී පෙළඹවීමෙන් කෙරෙන්නේ මර්දන නීතිරීති තව දුරටත් ශක්තිමත් කිරීම යැයි ද, මෙම මර්දන නීති මගින් යටපත් කිරීමට උත්සහ කරන ත්‍රස්තවාදීන් යනු අන් කවරෙකුවත් නොව මේ රටේ සාමාන්‍ය මහ ජනයා යැයි ද මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා වැඩි දුරටත් චෝදනා කර සිටියි.