අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩුව පාසල් වසා හිරගෙවල් අරින්නට සැරසෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ආණ්ඩුව පාසල් වසා හිරගෙවල් අරින්නට සැරසෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

එදා සක්වළ වැඩසටහන්වලට හිනාවුණ වත්මන් ආණ්ඩුවේ අය අද පාසල් වහන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් සිටියදී ජනතාව ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාටයි - විපක්ෂ නායක සජිත්…

එදා සක්වළ වැඩසටහන්වලට හිනාවුණ වත්මන් ආණ්ඩුවේ අය අද පාසල් වහන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා

ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් සිටියදී ජනතාව ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාටයි 

- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාඅවධාරණය කරයි -

එක පාසලක් ආරම්භ කරන විට හිරගෙවල් දහසක් වැසෙන බවත් අප කළ යුතු වන්නේ පාසල් වහන එක නොව පවතින පාසල් පද්ධතිය ශක්තිමත් කිරීම බවත් පාසලට අවශ්‍ය භෞතික හා මානව සම්පත ලබා දෙමින් නූතනවාදී යාවත්කාලීන වූ අලුත් අධ්‍යාපන ක්‍රමවේදයකට යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපනයේ වැඩිදියුණුව පරිගණක අධ්‍යාපනය, ඉංග්‍රීසි භාෂා සහ අනෙකුත් භාෂා දැනුම ගැන, මුල් ළමා වියේ සිට පරිගණක අධ්‍යාපනය ලබා දීම ගැනත් මේ වෙනුවෙන් සක්වළ වැඩසටහන පවා ක්‍රියාත්මක කළ බවත් එදා මේවා කරන විට කියන විට හිනාවුණ අය අද මැති ඇමතිකම් අරගෙන රට පාලනය කළත් රටේ අධ්‍යාපනය වෙනුවෙන් කිසිත් නොකරන බවත් මොවුන් පාසල් දියුණු කරනවා වෙනුවට පාසල් වහන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද නොච්චියාගම දුණු මඩලාව පුරාණ ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයේ පැවති ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය වැඩසහන හා එක්වෙමිනි.

දැන්වීම

විපක්ෂයේ සිටින තමාට ගුරු හිඟය පියවන්න අඩුපාඩු පියවන්න නොහැකි බවත් ජනාධිපතිකමයි තුනෙන් දෙකයි තියාගෙන මේ අය කිසිම දෙයක් නොකරන බවත් මොවුන් සැලසුම් සහගතව පාසල් වසා දමන්න යන බවත් එය කරන්න ඉඩ දිය නොහැකි බවත් විපක්ෂයට කළ හැකි උපරිම දේ කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් සිටියදී ජනතාව ගැටලු ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයාට බවත් එම නිසා අගනුවර සිටින ධානපතියන් සම්බන්ධ කර ගෙන මේ දුුෂ්කර පාසල්වල ගැටලු විසඳන බවත් පාසල් වසාදාන කුමන්ත්‍රණයත් වසා දාන බවත් මෙසේ පාසල් වසා දමනවාට විරුද්ධව ජනතාව පෙළ ගැසිය යුතු බවත් ඒ සදහා සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙන බවත් දේශපාලනය නොව වැදගත් වන්නේ පාසල නිසා භේදයෙන් තොරව පාසල රැකගන්න සාමකාමීව නීත්‍යානුකූලව කටයුතු කරණ ලෙසත් විපක්ෂ නායක තවදුරටත් පැවසීය.

නිර්ධන පන්තිය නියෝජනය කරනවා කියා බලයට ආ ආණ්ඩුව ගුරු හිඟයක් ඇති කර පාසල්වලින් ළමයි ඉවත් කර පාසල් වහන බවත් මෙයට විරුද්ධ විය යුතු බවත් රටේ ජනතාව අනාථ කරන මේ රාජ්‍ය ප්‍රතිපත්තියට විරුද්ධ විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ආණ්ඩුව පාසල් වසා හිරගෙවල් අරින්නට සැරසෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස | Lanka Newsweek