අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩුව දෙන සහන ජනතාවට නොයන්නේ වෙළෙඳ මාෆියාව නිසයි

ආණ්ඩුව දෙන සහන ජනතාවට නොයන්නේ වෙළෙඳ මාෆියාව නිසයි

රටේ උද්ධමනය 50.3% සිට 35.3% දක්වා අඩු වී තිබෙන නමුත් ආණ්ඩුව ලබා දෙන සහන ඒ ආකාරයටම ජනතාව අතරට නොයන්නේ වෙළෙඳ මාෆියාව නිසා යැයි එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක සහ හිටපු අමාත්‍ය නවීන්…

රටේ උද්ධමනය 50.3% සිට 35.3% දක්වා අඩු වී තිබෙන නමුත් ආණ්ඩුව ලබා දෙන සහන ඒ ආකාරයටම ජනතාව අතරට නොයන්නේ වෙළෙඳ මාෆියාව නිසා යැයි එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක සහ හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි.

"ආහාර උද්ධමනය 43 සිට 32% දක්වා අඩු වෙලා තිබෙනවා. ජනතාව අපෙන් අහන්නට පුළුවන් මේ ලැබෙන ප්‍රතිලාභ නිසි විදිහට ජනතාවට නොලැබෙන්නේ ඇයි කියලා.

පාරිභෝගික සේවා අධිකාරියේ සෑහෙන දුර්වලතාවයක් අපට පෙනෙන්නට තිබෙනවා. පක්ෂයක් විදිහට අපි පාරිභෝගික සේවා අධිකාරිය මීට වඩා මෙහෙයක් මේ මොහොතේ සිදු කළ යුතු යැයි අපේක්ෂා කරනවා.

පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම්වල ප්‍රමාණය ඉහළ දැමීම සහ වැටලීම් සිදු කරන ආකාරය සම්බන්ධව එතරම් පැහැදීමක් අප⁣ට වගේම රටේ ජනතාවටත් නැහැ" යනුවෙන් ද නවීන් දිසානායක මහතා පවසයි.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආණ්ඩුව දෙන සහන ජනතාවට නොයන්නේ වෙළෙඳ මාෆියාව නිසයි | Lanka Newsweek