අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ආණ්ඩුව ඡන්දය කල් දාන්න හදන්නේ සල්ලි නැති නිසා නොව ඡන්ද නැති නිසා

ආණ්ඩුව ඡන්දය කල් දාන්න හදන්නේ සල්ලි නැති නිසා නොව ඡන්ද නැති නිසා

වර්තමාන ආණ්ඩුව මේ පලාත් පාලන මැතිවරණය කල් දමන්න විවිධ උප්පරවැට්ටි දමමින් සිටින බවත් ,ඒ වෙනුවෙන් අධිකරණයෙන්ද කරුණු විමසා ඇති බවත් මෙතෙක් අධිකරණය කටයුතු කර තිබෙන්නේ මැතිවරණ තියන්න විනා කල් දමන්න නොවන…

වර්තමාන ආණ්ඩුව මේ පලාත් පාලන මැතිවරණය කල් දමන්න විවිධ උප්පරවැට්ටි දමමින් සිටින බවත් ,ඒ වෙනුවෙන් අධිකරණයෙන්ද කරුණු විමසා ඇති බවත් මෙතෙක් අධිකරණය කටයුතු කර තිබෙන්නේ මැතිවරණ තියන්න විනා කල් දමන්න නොවන බවත් මේ රජයට වඩා අධිකරණය විශ්වාස බවත් මැතිවරණය කල් දමන්න හදන්නේ මුදල් නොමැති නිසා නොව ආණ්ඩුවට ඡන්ද නැති නිසා බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අඟහරුවාදා (07)පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද කීය..

අද මුළු රටම පළාත් පාලන මැතිවරණ උණුසුමෙන් වෙලාගෙන. මේ මැතිවරණය කල් දාන්න කාටවත් බැහැ ඡන්ද අයිතිය කියන්නේ මූලික අයිතිවාසිකමක් එය ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා ඡන්දය ප්‍රමාද කරනවා කියන්නේ එම මූලික අයිතිවාසිකම නැති කරනවා කියන එක. රජයේ යම් යම් ඇමතිවරු කියලා තියෙනවා පළාත් පාලන මැතිවරණය තියෙනවද නැද්ද කියන එක අධිකරණයට බාරයි කියලා. මම එහිදී කියනවා ඇමතිවරයා දන්නේ නැහැ අධිකරණය තියන්නේ ඡන්ද තියන්න කල් දාන්න නෙමෙයි. අපේ රටේ අධිකරණය ඉතිහාසය දිහා බැලුවම හැමදාම අධිකරණය ඡන්දය තියන්න කටයුතු කර තියෙනවා. කවුරුන් හෝ හිතනවා නම් මේ මැතිවරණය අධිකරණය හරහා කල් දාන්න පුළුවන් කියලා එය මිරිඟුවක්. අපිට රජය ගැන විශ්වාසයක් නැති වුණාට අධිකරණය ගැන විශ්වාසයක් තියෙනවා . කවුරුහරි මැතිවරණය තියන්න ප්‍රශ්න ඇති කරනවා නම් ඒ අය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කරන්නේ .විවිධ අය විවිධ ප්‍රකාශ කරනවා මුදල් නැහැ, මේක මැතිවරණයක් තියන්න කාලය නෙමෙයි කියලා. නමුත් මැතිවරණය කියන එක නිශ්චිත කාලයක් මත ව්‍යවස්ථාව අනුව තියන්න ඕන.

දැන්වීම

මහ බැංකුවයි මුදල් අමාත්‍යාංශයයි කියනවනම් අපිට සල්ලි නැහැ කියලා ඒ අයට මම කියන්නේ ඒ අයත් කරන්නේ මේ රටේ විවස්තාව උල්ලංඝනය කිරීමක්. මොකද ව්‍යවස්තාවේ සඳහන් ආකාරයකට මහ බැංකුවත් මුදල් අමාත්‍යංශයත් රජයත් මුදල් දෙන්න ඕන නොදී ඉන්න බැහැ එහිදී අපි විතරක් නෙමෙයි විවිධ පාර්ශව අවශ්‍ය නීතිමය කටයුතු කරයි කියලා මා විශ්වාස කරනවා. අපිට අධිකරණය ගැන විශ්වාසයක් තියෙනවා. නමුත් ආණ්ඩුව හදනවා බළලුන් ලවා කොස් ඇට බාවන්න ඒ කියන්නේ අධිකරණය හරහා කල් දාගන්න නමුත් අධිකරණය ඉන්නේ අපේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න .ඡන්දය දීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් හැමදාම අධිකරණය කටයුතු කරල තියෙන්නෙ ඡන්ද තියන්න.

ඒ වගේම රජය තවමත් උත්සාහ කරනවා ඡන්දය කල් දාන්න මුලින් මැතිවරණය ප්‍රකාශයට පත් කළා ඉන්පසු ඇප මුදල් තැන්පත් කර නාමයෝජනා කැදෙව්වා පසුව නාමයෝජනා බාර ගත්තා තැපැල් ඡන්ද වලට දිනත් කරල තියෙනවා මේ වනවිට සියලු පියවර අරගෙන තියෙන්නේ ඡන්දය දෙන්න විතරයි තියෙන්නේ. එම නිසා අපේ සමගි ජන බලවේගය සංවිධායකවරුන් ගෙන් ගෙට යනවා මේක ගමේ මන්ත්‍රීවරයා තෝරන ඡන්දය ගමේ අපේක්ෂකයා හැකි තරම් දුරට මිත්‍රශීලීව කටයුතු කළොත් අපට මේ ඡන්දය ජයග්‍රහණය කරන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා.

ඒ වගේම අද අපට පේනවා පාර්ලිමේන්තුව මාස හතක් ඇතුළත දෙවතාවක් වාර අවසානය කළා. මෑත ඉතිහාසයේ කිසිම දවසක එහෙම වාර අවසාන කරලා නැහැ.ආවේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා කියලා නමුත් පාර්ලිමේන්තුව සම්පූර්ණම දුර්වල කරල කාරක සභා සියල්ලම අහෝසි වෙලා. ඒවා ඉදිරියේ තිබුණු පරීක්ෂණ සියල්ල අහෝසි වෙනවා වාර අවසන් කිරීම නිසා පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා තියෙන්නේ. 

මම දැක්කා රජයට හිතවත් පුවත්පත්වල පසුගිය දින දෙක තුන ඇතුළත විවිධ ලිපි පළ වෙලා තිබුණා එහි අඩංගු කරුණු වන්නේ රාජාසන කතාව හරහා යම් කිසි මතයක් ඇති කරලා මැතිවරණය කල් දැමීමේ අදහසක් තියෙනවා කියන දේ. මම ඒ අයට කියන්නේ මේ රාජාසන කතාව කියන්නේ රජයේ ප්‍රතිපත්ති සහ ඉදිරි වැඩ පිළිවෙළක් පමණයි එම කතාව පාර්ලිමේන්තුවේ සම්මත කෙරුවත් අරමුණක් පමණයි ඉදිරියට කරන්න යන්නේ මොකක්ද කියන එක පමණයි .ඒක නීතියක් නෙමෙයි මැතිවරණය පැවැත්වීමේ නීතිය පළාත් පාලන පනත යටතේ පැහැදිලිව සඳහන් වෙනවා. සමහර අය හිතනවා රාජාසන කතාව කරාට පස්සේ අධිකරණය බයවෙලා තීන්දුවක් දේවි ඡන්දය කල් දාන්න කියලා. සුද්ද සිංහලෙන් කියනවා නම් ඒක තමයි කරන්න හදන්නේ. 

නමුත් මම කියන්න කැමතියි රාජාසන කතාව කියන්නේ නීතියක් නෙමෙයි අපේ අධිකරණය රටේ නීතිය අනුව මැතිවරණ තියන්න කටයුතු කරයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුව ඇතුළේ කරන කතාව වරප්‍රසාද වලට යටත් වෙනවා එළියේ ඉඳන් ඔය කතාව කරානම් සමහර විට අධිකරණයට අපහාස කිරීමක් වෙන්නත් ඉඩ තියෙනවා. නිදහස් උත්සවයේ දී කර කතාවේදී ආර්ථිකය අමාරුයි, සල්ලි නැහැ, ඡන්දය කල් දැම්මොත් හොඳයි කියන අදහස දුන්නනම් එය අධිකරණයට අපහාස කිරීමක් වෙන්නත් පුළුවන්. නමුත් පාර්ලිමේන්තුව ඇතුලේ වාර අවසාන කරලා කතාවක් කරන්නේ වරප්‍රසාද තියෙන නිසා නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ. 

මම විශ්වාස කරනවා කවුරු මොනව කිව්වත් අධිකරණය හරහා ඡන්දය කල් දාන තීන්දුවක් කිසිම දවසක ගන්න බැහැ කියලා. මොකද සමහර අයට ඡන්ද කල් දාගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ සල්ලි නැති නිසා නෙමෙයි ඒ අයට ඡන්ද නැති නිසා ඒකයි ඇත්ත කතාව. මේ මැතිවරණය කල් දැම්මොත් ජාත්‍යන්තර ආධාර ප්‍රමාද වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රථමයෙන්ම ලංකාවට ආපු වෙලාවේ කිව්වේ රජයට ජනවරමක් ගන්න කියලා දැන් ලක්ෂ 69 ජනවරම ඉවරයි එම ජනාධිපතිතුමා පැනල ගියා අගමැතිතුමත් අස්වුණා කැබිනට් මණ්ඩලයත් අසු වුණා ජනවරම ඉවරයි. දැන් ඉන්නේ කූඩැල්ලො වගේ එල්ලිලා. 

මේ රටට අලුත් ආණ්ඩුවක් අවශ්‍යයි ජාත්‍යන්තර ආධාර ලැබෙන්නේ අලුත් ආණ්ඩුවකට බංග්ලාදේශය මාස දෙකෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ආධාර ගත්තා අපි මාස හතකට ආසන්නයි ඇයි අදි මදි කරන්නේ අරක නෑ මේක නෑ කිය කිය ප්‍රමාද කරනවා චීනය අවුරුදු දෙකක ණය ගෙවීම දීර්ඝ කරා ඒකත් මදි කියනව නම් ඇයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවිධ කොන්දේසි දාලා ප්‍රමාද කරන්නේ .මේ අය ආණ්ඩුවට මුදල් දෙන්න බයයි දැන් රට බංකොලොත් රුපියල් නැහැ ඩොලර් නැහැ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආර්ථික අපරාධයක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කරා කියලා යෝජනාවක් සම්මත වුණා .මේ වගේ දේවල් වෙනකොට ආධාර ලැබෙන්නේ නැහැ .තවම රට ගොඩගන්න ආධාරයක් ලැබිලා නැහැ මේ ආණ්ඩුවට ජාත්‍යන්තරයෙන් සල්ලි දෙන්න බයයි. 

අපි ආණ්ඩුව භාර දෙන කොට ඇමරිකානු ඩොලර් හත්දාස් අටසියයක් භාර දීල ගියා .ගිය අවුරුද්දේ තමයි දන්නේ ඒක ඇමරිකානු ඩොලර් මිලියන 20ට අඩු වෙලා කියලා මහ බැංකුවත් ඇන්ඳුවා පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වා දැන් අපේ ගිණුම් වල තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 20යි කියලා හැබැයි බැංකු වාර්තාවක් වත් නැහැ මේ කතාව තියෙන්නේ මීට වඩා වැඩි මුදලක් මමත් ආර්ථිකය භාර අයත් කිව්වා මහ බැංකුවේ කිසිම ලියවිල්ලක නෑ .අපේ අතේ තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන විස්සයි කියන එක කිසිම තැනක සටහන් වෙලා නැහැ. පාර්ලිමේන්තුවේ බොරු සංඛ්‍යාලේඛන තමයි ගන්නේ මහ බැංකුවේ එකම සටහනක වත් නෑ මැයි මාසයේ තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන විස්සයි කියලා පාර්ලිමේන්තුවට ආවම තමයි දැනගත්තේ. මහ බැංකු අධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් මේ කතාවක් කිව්වා.

ඇයි මේ රටේ බදු ගහන්නේ රට බංකොලොත් කරපු නිසා ඒ නිසා අසීමිත බදු බර ජනතාවට පටවනවා මේ ආණ්ඩුවට එයට වගකිව යුතුයි. එම නිසා මේ රටට අලුත් ආණ්ඩුවක් අවශ්‍යයි ජාත්‍යන්තරයේත් බලාපොරොත්තුව ඒකයි .එම නිසා මේ පළාත් පාලන මැතිවරණය වැදගත් රටේ ජනතාව හොඳ පණිවිඩයක් ආණ්ඩුවටත් ජාත්‍යන්තරයටත් ලබාදෙන බව ඒකාන්තයි .ඒ හරහා ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණ ජනාධිපතිවරණ බලාපොරොත්තු වෙන්න පුළුවන් ජාත්‍යන්තරයට හැඟුණොත් මේ ආණ්ඩුව ජනවරමක් නැහැ කියලා ආධාර ප්‍රමාද වෙනවා.

මේ දිනවල දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය ගැන කතාව කරලියට ඇවිත් තිබෙනවා එදා 1987 එක්සත් ජාතික පක්ෂය තමයි දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ අපේ පළාත් සභා පනත බැලුවොත් එය ඉන්දියාවේ පනතමයි එහිදී හැම පක්ෂයක්ම ඡන්දයක් ඉල්ලුවා 13 මදි කියලා ඉස්සර වෙලාම ඉල්ලුවේ මහින්ද රාජපක්ෂ තර්ටීන් ප්ලස් කිව්වා මොකද හිතුවා යුද්ධය කරනකොට ඉන්දියාව මැදිහත් වෙයි කියලා එම නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සැකයක් තිබුණා යුද්ධයට ඉන්දියාව මැදිහත් වෙයි කියලා. එම නිසා ඉන්දියාව සනසන්න තමයි කිව්වේ 13 මදි, therteen plus දෙනවා කිව්වා. අද ඔවුන් වෙන කතාවක් කියනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න