අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩුව ඡන්දයට මුදල් හොයන්න කෝටි 2 ගණනේ බාර් ලයිසන් 200ක් බෙදනවා

ආණ්ඩුව ඡන්දයට මුදල් හොයන්න කෝටි 2 ගණනේ බාර් ලයිසන් 200ක් බෙදනවා

එෆ්. එල්. 4 බලපත්‍රය යටතේ සුරාසැල් බලපත්‍ර 200ක් ලබා දෙන්නට සැලසුම් කර ඇති බවත් ඒ අතරින් බලපත් 15ක් මේ වන විටත් ලබා දී ඇති බවත් ඒ සඳහා කෝටි දෙකක කප්පම් මුදලක් ලබා ගැනීම සිදු වන බවට වාර්තා වන බවත්…

එෆ්. එල්. 4 බලපත්‍රය යටතේ සුරාසැල් බලපත්‍ර 200ක් ලබා දෙන්නට සැලසුම් කර ඇති බවත් ඒ අතරින් බලපත් 15ක් මේ වන විටත් ලබා දී ඇති බවත් ඒ සඳහා කෝටි දෙකක කප්පම් මුදලක් ලබා ගැනීම සිදු වන බවට වාර්තා වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

එසේම මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 6ක් ද දැනට ලබා දී ඇති බවත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස එම් ජේ ගුණසිරි නැමැත්තා නැවත පත් කර ඇත්තේ මේ සඳහා බවත් ඡන්දයට මුදල් එකතු කිරීමක් ද කියා සැක සහිත බැවින් මෙහි සත්‍යතාව අනාවරණය කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් විමසා සිටින්නේ රටේ 41ක් ලක්ෂයක් වූ පාසල් දූ දරු පරපුර වෙනුවෙන් බවත් තමා වරප්‍රසාදවලට යට වී බොරු නොකියන බවත් මේ කියන දේ වගකීමෙන් කියන බවත් මේ අනීතික බලපත්‍ර සියල්ල සමගි ජන බලවේග රජයක් යටතේ නැවත ලබා ගන්නා බවත් මේ සම්බන්ධ අංගසම්පූර්ණ පරීක්ෂණයක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආණ්ඩුව ඡන්දයට මුදල් හොයන්න කෝටි 2 ගණනේ බාර් ලයිසන් 200ක් බෙදනවා | Lanka Newsweek