අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩුව ඇතුළේ භයානක කුමන්ත්‍රණයක්-අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන වෙයි

ආණ්ඩුව ඇතුළේ භයානක කුමන්ත්‍රණයක්-අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන වෙයි

ජනාධිපතිව රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා බදාදා [4] දිනයේදී ස්වාධීන වෙමින් පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය. ආණ්ඩුව ඇතුළේ කුණු…

ජනාධිපතිව රනිල් වික්‍රමසිංහ මහතාට  සහයෝගය දැක්වීමට ගිය රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා බදාදා [4] දිනයේදී ස්වාධීන වෙමින් පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය.

ආණ්ඩුව ඇතුළේ කුණු කචල්-පිපිරීම්-කකුලෙන් ඇදිලි ඇතුළු තවත් භයානක සිදුවීම් සිදු වෙමින් පවතින බව  පෙන්වා දුන් රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මමහතා කියා සිටියේ තුමන්ලාට ආණ්ඩුව ඇතුළෙන් කිසිම සහයෝගයක් නොලැබෙන බවය.

එක්තරා භයානක කණ්ඩායමක් බලයට පත් කර ගැනීමට මේ අය කුමන්ත්‍රණයක් සිදු කරනවා ද යන්න පිළිබඳව විශාල සැකයක් මතු වන බව පෙන්වා දුන් අරුන්දික ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයා දිනවීමට කටයුතු කිරීමට තමා පියවර ගත්තද ඒ කිසිවක් සිදු නොවන බව ද කියා සිටියේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න