ආණ්ඩුව අධ්‍යාපනයේ ගැටලුවලට සංවේදීතාවයක් නෑ

(හේමන්ත තුසිත කුමාර) වර්තමාන රජය අධ්‍යාපනයේ ගැටලු කළමනාකරණයට නිසි සංවේදීතාවයක් නොදැක්වීම නිසා, සමස්ත සිසු දරුවන්ගේ අනාගතය මෙන්ම රටේ අනාගතය ද අනතුරේ හෙළා ඇති බවත් පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ මාර්ගගත…
(හේමන්ත තුසිත කුමාර)
වර්තමාන රජය අධ්‍යාපනයේ ගැටලු කළමනාකරණයට නිසි සංවේදීතාවයක් නොදැක්වීම නිසා, සමස්ත සිසු දරුවන්ගේ අනාගතය මෙන්ම රටේ අනාගතය ද අනතුරේ හෙළා ඇති බවත් පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ මාර්ගගත ක්‍රමයෙන්(online) අධ්‍යාපනය ලබා දීම සමබරව සෑම දරුවකු වෙත ලැබුනේ යැයි කිසිසේත්ම සෑහීමකට පත්විය නොහකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බ්‍රහස්පතින්දා(07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
27/2යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසූ අතර ලොව අනෙකුත් රටවල් පවතින තත්ත්වය කළමනාකරණය කර ගනිමින් අධ්‍යාපනය නැවත නගා සිටුවීම උදෙසා ප්‍රමුඛත්වයක් ලබා දී ඇති මොහොතක අපේ රටේ සම්පූර්ණයෙන්ම ලබා නොදුන් අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵලත්, කල් තැබුණු අ.පො.ස. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයන් කෙරෙහිත් අවිනිශ්චිතව බලා සිටීමට පමණක් මෙරට සමස්ත දරුවන්ට හා දෙමාපියන්ට සිදුව ඇති බවත් ඔහු පැවසීය.