අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ආණ්ඩුවේ හොරුන් හෙළිදරව් කරන්නැයි ජනපති ඉල්ලයි

ආණ්ඩුවේ හොරුන් හෙළිදරව් කරන්නැයි ජනපති ඉල්ලයි

තරාතිරම නොබලා සියල්ල හෙළි කරන්න ජනමාධ්‍යට අවසර (සුජිත් මංගල ද සිල්වා) ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හෝ මන්ත්‍රීවරුන් දුෂණ, වංචා සහ අක්‍රමිකතා සිදු කරන්නේ නම් ඒ පිළිබඳව කිසිදු බියකින් සහ සැකයකින් තොරව…

තරාතිරම නොබලා සියල්ල හෙළි කරන්න ජනමාධ්‍යට අවසර 

(සුජිත් මංගල ද සිල්වා)

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හෝ මන්ත්‍රීවරුන් දුෂණ, වංචා සහ අක්‍රමිකතා සිදු කරන්නේ නම් ඒ පිළිබඳව කිසිදු බියකින් සහ සැකයකින් තොරව රටට-ජනතාවට කරුණු හෙළිදරව් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනමාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ඉල්ලීම සිදු කළේ, පුවත්පත් කර්තෘවරුන් ඇතුළු ජනමාධ්‍ය ප්‍රධානීන් සමග ජනාධිපති කාර්යාලයේ දී සඳුදා (27) පැවැත් වූ විශේෂ සාකච්ඡාවේ දී වන අතර එහිදී රටේ වත්මන් තත්ත්වය, ආණ්ඩුවේ ඉදිරි ඉලක්ක, වැඩ පිළිවෙළ සහ දැක්ම පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරිණ.

දුෂණ, වංචා සහ අක්‍රමිකතා සිදු කරන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ තරාතිරම නොබලා ඒ පිළිබඳ සාක්කි-සාධක ඇතිව හෙළිදරව් කරමින් රට-ජනතාව දැනුම්වත් කරන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කර්තෘවරුන් ප්‍රධාන ජනමාධ්‍ය ප්‍රධානීන්ගෙන් එහිදී වැඩි දුරටත් ඉල්ලා සිටියේය.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න