ආණ්ඩුවේ විදෙස් වත්කම මල්ල ගම්මන්පිල ලිහා පෙන්වයි

" ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව 2024 වසරේ අප සතුව විදේශ සංචිතය ඩොලර් බිලියන 6ක් විය යුතුයි.එම සංචිත ප්‍රමාණය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කජු කමින් ලෝකෙ වටේ ඇවිදිමින් ගොඩනඟා තිබූණා.2025…
" ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව 2024 වසරේ අප සතුව විදේශ සංචිතය ඩොලර් බිලියන 6ක් විය යුතුයි.එම සංචිත ප්‍රමාණය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කජු කමින් ලෝකෙ වටේ ඇවිදිමින් ගොඩනඟා තිබූණා.2025 වසරේ ඩොලර් බිලියන 7ක විදේශ සංචිතයක් ගොඩනගා ගතයුතු වුව ද තවමත් ඇත්තේ බිලියන 6.1යි.අලුතින් එකතු වී ඇත්තේ බිලියන දශම එකක් පමණයි.ඩොලරයේ අගය දැනටමත් රු. 300 ඉක්මවා ගිහින් සංචිත ඉහළ නංවා ගැනීමට මහ බැංකුව ඩොලර් මිල දී ගතහොත් ඩොලරයේ ඉල්ලුම තවත් වැඩි වී එහි වටිනාමක තවත් ඉහළ යනවා."
පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල.
■ රටේ රාළගේ සටහන.
දැන්වීම
මේ අවුරුද්ද අවසන් වෙන විට අපි සතුව ඩොලර් බිලියන 7.2 ක විදෙස් සංචිතයක් තියෙන්න ඕනි. හැබැයි තියෙන්නේ ඩොලර් බිලියන 6.1ක සංචිතයක් විතරයි. මේ ඉතිරි කාලය ඇතුලේ ඩොලර් බිලියනයකට ආසන්න මුදල් එකතු වෙන්න ඕනි.
අනුරට දෙපයින් හිටගෙන නෙවෙයි ඔළුවෙන් හිටගෙනවත් ඒක කරන්න බෑ. ඒක නිසා අපි 2026 පටන් ගන්නෙම විදේශ වත්කම් සංචිතයේ තිබිය යුතු ඉලක්කයට ආසන්න වශයෙන් ඩොලර් බිලියනයක් පිටි පස්සේ ඉඳන්.
අපේ වත්කම් සංචිත වැඩි කරගන්න නම් අපි සෘජු විදේශ ආයෝජන රටට ගේන්න ඕනි. අපේ දල ජාතික නිෂ්පාදනයෙන් 1.5%ක විදේශ ආයෝජන වාර්ෂිකව එන්න ඕනි. ඒත් එන්නේ 0.5% යි. අනික අපේ අපනයන ආදායම වැඩි කරගන්න ඕනි.
මෙහේ අපට නිෂ්පාදනය කරගන්න පුළුවන් ලුණු,ලූණු,හාල්,සීනි ටිකත් දැන් පිටරටින් ගේන්න පටන් අරන්. අපේ රටේ කෘෂිකර්ම ඇමති කියනකොට වවාගෙන කන ප්‍රතිපත්තියක් මේ ආණ්ඩුවේ නෑ කියලා කවර කතාද?
මේ ආණ්ඩුව කරන්නේ IMF එක කියන කියන විදිහට ජනතාව මත බදු බර පැටවීමයි. මුදල් ඇමති අනුර දැන් රටේ පොලී මුදලාලි වෙලා.