ආණ්ඩුවේ නොහැකියාවයි - අසාර්ථකත්වයයි සුපුරුදු පරිදි බොරුවෙන් වහන්න හදනවා

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදිසියේ නතර කළේ කව්ද? විපක්ෂනායක සජිත් අනුරගෙන් ආයෙත් ප්‍රශ්න කරයි..! අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න අපිත් සහයෝගය ලබා දෙන්නම් - විපක්ෂ නායක…
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදිසියේ නතර කළේ කව්ද? විපක්ෂනායක සජිත් අනුරගෙන් ආයෙත් ප්‍රශ්න කරයි..!
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්න අපිත් සහයෝගය ලබා දෙන්නම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ තුළ 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීම නිසා දුදරුවන් විශාල පිරිසක් අසරණ වී ඇති බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැතීමේ වගකීම විපක්ෂය පිට පැටවීමට රජය උත්සාහ කළත් එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම නැවැත්වූයේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බවත් මේ අවස්ථාවේ ලක්ෂ සංඛ්‍යාත දෙමාපියන් දූදරුවන් 6 වසරේ ප්‍රතිසංස්කරණ අපේක්ෂාවෙන් සිටියත් රජය එය කල් දැමීම නිසා මොවුන්ගේ බලාපොරොත්තු සුන් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එබැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග සාකච්ඡා කර අසභ්‍ය දේවල් ඉවත් කර නැවත වරක් කඩිනමින් නිවැරදිව මේ වසරේම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේම අධ්‍යාපන ක්ෂේත්රය ගැන ප්‍රවීණයන් සිටින බවත් මේ අය සමඟ සාකච්ඡා කර ප්‍රගතිශීලි තීන්දුවක් ගන්නා ලෙස යෝජනා කරන බවත් විධිමත් සාකච්ඡාවක් සිදු කරන්නේ නම් විපක්ෂයේ ද අදහස් ඉදිරිපත් කිරීමට කැමති බවත් මේ ප්‍රතිසංස්කරණ නිවැරදි ලෙස ක්‍රියාත්මක කරන්න සහයෝගය ලබා දීමට කැමති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.