අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩුවේ ජනප්‍රියත්වය සියයට 16 ට බැහැලා

ආණ්ඩුවේ ජනප්‍රියත්වය සියයට 16 ට බැහැලා

ඇමෙරිකානු සමීක්ෂණයකින් හෙළි වෙයි ගැටඹේ වටරවුම පුළුල් කිරීම හේතුවෙන් හානියට පත් මහනුවර ළමා උද්‍යානයේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා සෙනසුරාදා (23) පෙරවරුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික්…

ඇමෙරිකානු සමීක්ෂණයකින් හෙළි වෙයි

ගැටඹේ වටරවුම පුළුල් කිරීම හේතුවෙන් හානියට පත් මහනුවර ළමා උද්‍යානයේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා සෙනසුරාදා (23) පෙරවරුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂමන් කිරිඇල්ල මහතා එහි පැමිණ කරුණු සොයා බැලුවේය .

එම ඉඳිකිරීම් භාර නිළධාරින්ගෙන් කරුණු විමසූ කිරිඇල්ල මහතා පනස්  වැනි නිදහස් උළෙල වෙනුවෙන් එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙන් තමා විසින් සිදු කරන ලද ඉල්ලීමක් අනුව මෙම ළමා උද්‍යානය මහනුවර හිමි වූ බවද මහනුවර දරුවන් වෙනුවෙන් එම ස්ථානය ඉදිරියටත් ආරක්ෂා කල යුතු යැයිද පෙන්වා දුන්නේය .

තමන් පාර්ලිමේන්තුවේදී  මහා මාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාටද මේ ගැන කරුණු ඉදිරිපත් කළ බවද පැවැසූ කිරිඇල්ල මහතා  ළමා උද්‍යානය ආරක්ෂා කර දෙන බවට ඇමැති වරයා තමාට පොරොන්දු වූ බවද පැවැසීය .

දැන්වීම

අදාළ ඉඳිකිරීම් කොන්ත්‍රාත් සමාගමේ වැඩබිම් නිළධාරින් මන්ත්‍රී වරායට පැවැසුවේ ඉඳිකිරීම් අවසන් වූ පසු ළමා උද්‍යානය පෙර තිබූ පරිදි සකසන බවයි.

සැබෑ ලෙසම ගොවිතැන කරමින් ඉතා අසීරුවෙන් ජීවිතය ගැට ගසා ගන්නා ගොවි ජනතාව වගාවට පොහොර ඉල්ලා පාරට බැස ආණ්ඩුවට එරෙහිව සටන් කරද්දී විනෝදයට ගොවිතැන් කරන ආණ්ඩුවේ  ඇතැමුන් මේ ප්‍රශ්නය විහිලුවට ගෙන කතා කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි .

මෙරටට පොහොර හා වගාවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන එනු ලබන්නේ අද ඊයේ සිට නොවන බවද මේ ආකාරයට පොහොර නැව් රසායනික ද්‍රව්‍ය ගුවන් යානා පිළිගැනීමට පැවැති කිසිම රජයක ඇමැති වරුන් වරායට ගුවන් තොටුපොළ වෙත නොගිය බවද , මේ ගනුදෙනු පිටුපස යම් රහස් ගනුදෙනු පවතින බවට නැගෙන චෝදනා වත්මන් ඇමැතිවරුන් එසේ කිරීමෙන්ම ඔප්පු වන බවද කිරිඇල්ල මහතා පැවැසීය .

එක් දිනකින් හැඳූ සමාගමකට නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට අවසර දීම පිටුපස අතයට ගනුදෙනු ඇති බවට නැගෙන චෝදනා සුළුවෙන් බැහැර කළ නොහැකි බවද වරායට හා ගුවන් තොටට ගොස් ඒවා පිළිගන්නා රූපරාමු වල සිටින පිරිස් වලට ඇගිල්ල දිගු වන බවද පැවැසූ ඒ මහතා දෙරටක් අතර ගනුදෙනු සිදු කිරීමේදී රජයන් අතර ගනුදෙනු කිරීම පිළිගත් ක්‍රමය බවද ඔහු පැවැසීය .

වසර දෙකට වරක් කුමන හෝ මැතිවරණයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රටක පිළිගත් ක්‍රමය යැයිද වත්මන් ආණ්ඩුව මැතිවරණ පැවැත්වීම කල් දැමීමට විවිධ උපක්‍රම යොදමින් සිටින බව පෙනී යන බවද ආණ්ඩුව විසින් ඇමරිකන් ආයතන කිහිපයක් යොදමින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව ආණ්ඩුවේ ජනප්‍රියත්වය සියයකට දාසය දක්වා සීඝ්‍රයෙන් අඩුවී ඇති බව වාර්තා කර ඇති බව තමාට දැනගන්නට ලැබුණු බවද කිරිඇල්ල මහතා පැවැසීය.

ආණ්ඩුවේ ජනප්‍රියත්වය සියයට 16 ට බැහැලා

ආණ්ඩුවේ ජනප්‍රියත්වය සියයට 16 ට බැහැලා

ආණ්ඩුවේ ජනප්‍රියත්වය සියයට 16 ට බැහැලා

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ආණ්ඩුවේ ජනප්‍රියත්වය සියයට 16 ට බැහැලා | Lanka Newsweek