අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩුවට යනවා කිව්ව රිෂාඩ් සජිත්ගේ වේදිකාවේ

ආණ්ඩුවට යනවා කිව්ව රිෂාඩ් සජිත්ගේ වේදිකාවේ

සන්ධාන හිටපු මන්ත්‍රී හුනාස් ෆාරුක් ද එයි ආණ්ඩුවට යන බවට නිතරම වාර්තා පළ වූ සමස්ත ලංකා මහා ජන කොංග්‍රසයේ නායක සහ සමගි ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා…

සන්ධාන හිටපු මන්ත්‍රී හුනාස් ෆාරුක් ද එයි  

ආණ්ඩුවට යනවා කිව්ව රිෂාඩ් සජිත්ගේ වේදිකාවේ

ආණ්ඩුවට යන බවට නිතරම වාර්තා පළ වූ සමස්ත ලංකා මහා ජන කොංග්‍රසයේ නායක සහ සමගි ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකට එක්ව සිටිනු දක්නට ලැබිණ.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම, ශාන්ත ජෝසෆ් මහා විද්‍යාලයේ දී සඳුදා (08) පැවති  සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩ සටහනේ 297 වැනි අදියර යටතේ සංවිධානය කෙරුණු උත්සවයට වන අතර එම උත්සව සභාව අමතා ඔහු කතාවක් ද කර ඇත.

මේ අතර සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩ සටහනේ 298 වැනි අදියර යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වන්නි මන්නාරම අල් මීනා මහා විද්‍යාලයේ දී අඟහරුවාදා (09) පැවති උත්සවයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හුනාස් ෆාරුක් මහතා ද එක්ව ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න