අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නැහැ - කතානායක

ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නැහැ - කතානායක

පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව එක්සත් ජාතික පක්ෂය පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සඳහා…

පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත විශ්වාසභංග යෝජනාව සම්මත වූ බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සඳහා කතානායකවරයා පාර්ලිමේන්තුවේ කැමැත්ත විමසූ අතර ඒ සමග මෛත්‍රීපාල - මහින්ද පාර්ශවයේ දැඩි විරෝධය ඊට එල්ල විය.

කෙසේ නමුත් බහුතරයකගේ හඬ සැලකිල්ලට ගෙන ආණ්ඩු පක්ෂයට බහුතරයක් නොමැති බව කතානායක කරු ජයසුරිය ප්‍රකාශ කළේය.

එහෙත්, එය නොපිළිගන්නා බව මෛත්‍රිපාල - මහින්ද පාර්ශවය පවසයි.

පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා 10.00 යළි රැස්වන බව කතානායකවරයා කියා සිටියේය.

මේ අතර මෛත්‍රීපාල - මහින්ද පාර්ශ්වයට සහාය පළ කිරීමට එක්වූ වඩිවේල් සුරේෂ් සහ වසන්ත සේනානායක පාර්ලිමේන්තු සැසිය අවසන් වීමෙන් පසු කියා සිටියේ ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව සිය සහය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන බවය.

(BBC)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය නැහැ - කතානායක | Lanka Newsweek