අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩුවට පන්න ශ්‍රීලනිප කල්ලියට වැඩ වරදියි

ආණ්ඩුවට පන්න ශ්‍රීලනිප කල්ලියට වැඩ වරදියි

විනය පියවර ගැනීමට මෛත්‍රී තීන්දු කරයි මධ්‍යම කාරක සභාවේ තීරණයට විරුද්ධව ආණ්ඩුවේ ඇමැති ධුර ලබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් අට දෙනාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට එම පක්ෂයේ නායක සහ හිටපු…

විනය පියවර ගැනීමට මෛත්‍රී තීන්දු කරයි 

මධ්‍යම කාරක සභාවේ තීරණයට විරුද්ධව ආණ්ඩුවේ ඇමැති ධුර ලබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් අට දෙනාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට එම පක්ෂයේ නායක සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීන්දු කර තිබේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර තිබුණේ ආණ්ඩුවේ කිසිදු ඇමැති ධූරයක් ලබා නොගැනීමට වන නමුත් එම තීරණයට එරෙහිව නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මන්ත්‍රිවරුන් කැබිනට් ඇමැති ධූර ලබා ගත් අතර රංජිත් සියඹලාපිටිය, චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර සහ ශාන්ත බණ්ඩාර යන මන්ත්‍රිවරු රාජ්‍ය ඇමැති ධූර ලබා ගත්හ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබී ඇති බලතලවලට අනුව ඉදිරි දිනවලදී මෙම මන්ත්‍රීවරුන් අට දෙනාට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන බව එම පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා තහවුරු කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආණ්ඩුවට පන්න ශ්‍රීලනිප කල්ලියට වැඩ වරදියි | Lanka Newsweek