අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩුවට දුකක් නැහැ-ජනතාවට ඇපත් නැහැ

ආණ්ඩුවට දුකක් නැහැ-ජනතාවට ඇපත් නැහැ

(සුජිත් මංගල ද සිල්වා) "මේ ආණ්ඩුව බලයට ආ දවසේ සිටම කළේ නම ගිය අංක එකේ අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට සහ වංචනිකයින්ට කිසිදු දුකක් නොදී උපරිම සැප ලබා දීම යැයි ද ඒ හේතුවෙන් ජනතාවට ඇපත් නැතිව ගොස් ඇතැයි ද…

(සුජිත් මංගල ද සිල්වා)


"මේ ආණ්ඩුව බලයට ආ දවසේ සිටම කළේ නම ගිය අංක එකේ අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට සහ වංචනිකයින්ට කිසිදු දුකක් නොදී උපරිම සැප ලබා දීම යැයි ද ඒ හේතුවෙන් ජනතාවට ඇපත් නැතිව ගොස් ඇතැයි ද විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස  මහතා චෝදනා කර සිටියි.

ජන දුක විමසන "මනුශ්‍යත්වයේ චාරිකාව" ඔස්සේ ගමින් ගමට යමින් ජනතාව මුණගැසී ඔවුන්ගේ ප්‍රශ්න, සුව දුක් සහ අවශ්‍යතා පිළිබඳව කරුණු සොයා බලන අතර තුර මේ බව පැවැසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය. 

"මේ ආණ්ඩුව බලයට ආ දවසේ සිටම කළේ නම ගිය අංක එකේ අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට සහ වංචනිකයින්ට කිසිදු දුකක් නොදී උපරිම සැප ලබා දීමයි. ඒ හේතුවෙන් ජනතාවට ඇපත් නැතිව ගොස් තිබෙනවා. මීට වඩා කැප කිරීම් කරන්න යැයි ආණ්ඩුවේ සමහරුන් ජනතාවට කියනවා. එදා වේල කන්නටවත් නොහැකි තරමට අසරණව සිටින ජනතාවගෙන් තවත් කැප කිරීම් කරන්නයැයි ඉල්ලා සිටීම තරම් විහිලුවක් තවත් නැහැ. ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි. 

දැන්වීම

ආණ්ඩුවේ ඇතැම් පිරිසක් ජනතාවට කියනවා ටිකක් කන්නලු. තවත් සමහරුන් කියනවා එක වේලක් අඩු කරලා කන්නලු. මේ අනුව තව ටික දවසකින් ආණ්ඩුව ජනතාවට කියයි කන්න එපා කියලා. ජනතාව කැප කිරීම් කරද්දී ආණ්ඩුව කළේ සැප ගැනීමයි. මේ ආණ්ඩුව දුර්දාන්ත ආණ්ඩුවක් කියන්නේ ඒ නිසයි. මේ ආණ්ඩුවට කිසිම හිතක් පපුවක් ඇත්තේ නැහැ. ජන දුක තේරෙන්නේ නැහැ. ආණ්ඩුවට අධි පෝෂණය. ජනතාවට මන්ද පෝෂණය" 

ආණ්ඩුවට දුකක් නැහැ-ජනතාවට ඇපත් නැහැ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආණ්ඩුවට දුකක් නැහැ-ජනතාවට ඇපත් නැහැ | Lanka Newsweek