ආණ්ඩුවට තිබෙන එකම තුරුම්පුව ජාති වාදය විතරයි

එක රටක්-එක නීතියක් කියා කරන්න යන්නේ රට ගිනි තැබීමයි "එක රටක්-එක නීතියක් කියා ආණ්ඩුව උත්සහ කරන්නේ ජාති වාදය අවුස්සා රට ගිනි තැබීමට යැයි ද, ආණ්ඩුවට තිබෙන එකම තුරුම්පුව ජාති වාදය යැයි ද විපක්ෂයේ ප්‍රධාන…
එක රටක්-එක නීතියක් කියා කරන්න යන්නේ රට ගිනි තැබීමයි
"එක රටක්-එක නීතියක් කියා ආණ්ඩුව උත්සහ කරන්නේ ජාති වාදය අවුස්සා රට ගිනි තැබීමට යැයි ද, ආණ්ඩුවට තිබෙන එකම තුරුම්පුව ජාති වාදය යැයි ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කර සිටියි.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද පැවැසීය.
"එක රටක් එක නීතියක් කිව්වා. මම අහනවා මේ රටේ නීතිය අවුරුදු දහස් ගණනක් තිබුණා. උඩරට සිංහල නීතිය දුටු ගැමුණු රජතුමාගේ කාලයේ ඉදන් තියෙන නීතිය. රෝමානු ලන්දේසි නීතිය. තේසවාලාමේ නීතිය අවුරුදු 1500 ක් පරණයි. මේවා අහෝසි කරන්න පුළුවන්ද..? අලුත් නීති පොදුවේ හදන්න පුළුවන්. නමුත් පෞරාණික නීති හැදුවත් මම විශ්වාස කරනවා අධිකරණයෙන් මේකට අනුමැතියක් ලැබෙන්නේ නෑ. එක රටක් එක නීතියක් කියලා මේවා හැදුවේ රට ගිණි තියන්න. ජාති වාදය අවුස්සලා රට ගිණි තියන්න. ආණ්ඩුවට ජාති වාදය හැර වෙන කිසිම දෙයක් නෑ. ජාතිවාදය විතරයි ආණ්ඩුවට තියන එකම තුරුම්පුව."