ආණ්ඩුවට එරෙහි සටන විපක්ෂ නායක අතට ගනී

ආණ්ඩුව ගෙදර යවන්න පොදු දේශපාලන සන්ධානයක් ගොඩනගයි සාකච්ඡා ආරම්භ වෙලා..! ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව පුළුල් සහ පොදු දේශපාලන සංධානයක් ගොඩනැගීමට විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත්…
ආණ්ඩුව ගෙදර යවන්න පොදු දේශපාලන සන්ධානයක් ගොඩනගයි
සාකච්ඡා ආරම්භ වෙලා..!
ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව පුළුල් සහ පොදු දේශපාලන සංධානයක් ගොඩනැගීමට විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇත.
ආණ්ඩුවට එරෙහි එම පුළුල් සහ පොදු දේශපාලන සන්ධානයේ වැඩ කරයුතු සම්බන්ධීකරණය කරමින් සියලු බලවේග එකට ඒකරාශී කිරීමේ වගකීම සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ කමිටුවකට පවරා ඇති අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, කබීර් හෂීම්, තලතා අතුකෝරාල සහ එරාන් වික්‍රමරත්න යන මහත්ම මහත්මීහූ ද ඇතුළත් වෙති.
ඒ අනුව එම පුළුල් සහ පොදු දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට අදාළව දේශපාලන පක්ෂ, කණ්ඩායම්, සර්වාගමික සංවිධාන, සිවිල් සමාජ සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති, වෘත්තීය සමිති නායකයින් සහ බහු ජන සංවිධාන සමග සමගි ජන බලවේගය මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇත.
දැන්වීම
සෑම අතකින්ම අරාජිකත්වය කරා ගමන් කරන රටක් බවට මේ ආණ්ඩුව ශ්‍රී ලංකාව පත් කර ඇති අතර ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ මුළු රටම මරණ මංචකය වෙත තල්ලු කර ගෙන යාම යැයි සමගි ජන බලවේගය චෝදනා කර සිටියි.
මේ අවාසනාවන්ත තත්ත්වයෙන් අප බේරා ගැනීම උදෙසා වඩාත් ප්‍රායෝගික සහ සාමූහික ප්‍රයත්නයක අවශ්‍යතාවය දැඩිව පැන නැගී ඇති අතර මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් රටත් ජනතාවත් බේරා ගැනීම සඳහා සියලු බලවේග එකට ඒකරාශී කළ යුතු කාලය එළැඹ ඇතැයි ද සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි.
