අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආචාර්ය සුදර්ශන බණ්ඩාර මහාචාර්ය පදවියෙන් පිදුම් ලබයි

ආචාර්ය සුදර්ශන බණ්ඩාර මහාචාර්ය පදවියෙන් පිදුම් ලබයි

ලලිත කලාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ තරුණයෙක් (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා පීඨයේ තරුණ කථිකාචාර්යවරයෙකු වශයෙන් සක්‍රීය සේවයේ නියුතු ආචාර්ය ඩබ්ලියු.එම්.පී…

ලලිත කලාව වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ තරුණයෙක් 

ආචාර්ය සුදර්ශන බණ්ඩාර මහාචාර්ය පදවියෙන් පිදුම් ලබයි

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලංකා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා පීඨයේ තරුණ කථිකාචාර්යවරයෙකු වශයෙන් සක්‍රීය සේවයේ නියුතු ආචාර්ය ඩබ්ලියු.එම්.පී සුදර්ශන බණ්ඩාර මහතා මහාචාර්යවරයෙකු ලෙස උසස්වීම් ලැබ තිබේ.

තරුණ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ලෙස සම්මාන ගණනාවකින් පිදුම් ලබා සිටින මහාචාර්ය ඩබ්ලියු.එම්.පී සුදර්ශන බණ්ඩාර මහතා, ශ්‍රී ලාංකික, ඉන්දියානු සහ යුරෝපීය පුරාණ සහ නූතන කලා ඉතිහාසය ද, නැගෙනහිර සහ බටහිර සම්භාව්‍ය සේම නවීන සෞන්දර්යය සම්බන්ධ උන්දුවක් දක්වන විශේෂ පර්යේෂකයෙකු ද වේ.

දැන්වීම

ශ්‍රී ලාංකික, ඉන්දියානු සහ යුරෝපීය පුරාණ සහ නූතන කලා ඉතිහාසය ද, නැගෙනහිර සහ බටහිර සම්භාව්‍ය සේම නවීන සෞන්දර්යය සම්බන්ධයෙන් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් පර්යේෂණ කෘති ගණනාවක් එළිදක්වමින් ද, ඊට අදාළව ඒක පුද්ගල සහ සාමූහික කලා ප්‍රදර්ශන රැසක් සංවිධානය කරමින් ද, මහාචාර්ය සුදර්ශන බණ්ඩාර මහතා ලලිත කලා ක්ෂේත්‍රයට විශාල සේවයක් සිදු කර තිබේ.

ආචාර්ය සුදර්ශන බණ්ඩාර මහාචාර්ය පදවියෙන් පිදුම් ලබයි  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආචාර්ය සුදර්ශන බණ්ඩාර මහාචාර්ය පදවියෙන් පිදුම් ලබයි | Lanka Newsweek