ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සොරා ගත් රිදී පදක්කම සොයා ගනී..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉන්දියාවෙන් පිරිනැමුණු සම්මානය සමග ලබා දුන් රිදියෙන් තැනූ පදක්කම බස් රථයක තිබී අද (05) පෙරවරුවේ සොයා ගෙන තිබේ…
(නිලන්ති චන්ද්‍රසේන)
ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉන්දියාවෙන් පිරිනැමුණු සම්මානය සමග ලබා දුන් රිදියෙන් තැනූ පදක්කම බස් රථයක තිබී අද (05) පෙරවරුවේ සොයා ගෙන තිබේ
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මෙම සම්මානය සමග පදක්කම මාර්ග අංක 177 කඩුවෙල- කොල්ලුපිටිය බස් රථයක, ගමන් භාණ්ඩ රඳවනයේ තිබෙනවා දැක බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර විසින් ඒ පිළිබඳව කොල්ලුපිටිය පොලිස්ථානය දැනුවත් කර ඇති බවයි.
මෙම පදක්කම 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 31 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙලේදී පිරිනැමුණේ සිනමාවට ඔහු කළ මෙහෙවර අගයමින් වන අතර මේ සම්මානය අද්විතීය කලාකරුවෙකුට හිමි වන්නේ ජීවිතයේ එක් අවස්ථාකදී පමණකි.
මෙම සම්මානය සහ රිදියෙන් තැනු පදක්කම මේ බස් රථයට ගෙන ආවේ කවුරුන්ද යන්න පිළිබඳව කොල්ලුපිටිය පරීක්ෂණ සිදු කරන අතර පරීක්ෂණවලින් අනතුරුව අදාළ සම්මානය සුමිත්‍රා පීරිස් මහත්මියට භාරදීමට නියමිතය.
මෙම සම්මානය සහ රිදියෙන් තැනු පදක්කම අතුරුදන් වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල උත්සවයේදී ඔහුගේ දේහය අසළ තබා තිබියදීයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1