ආචාර්ය කිත්සිරි මංචනායකගේ නැන්දනිය කළුරිය කරයි

එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ දිවුලපිටිය ප්‍රධාන සංවිධායක ආචාර්ය කිත්සිරි මංචනායක මහතාගේ නැන්දනිය වූ දෝන සිසිලියා අබේවර්ධන මහත්මිය අභාව ප්‍රාප්ත වූවාය. ප්‍රසිද්ධ සමාජ සේවිකාවක්…
එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සහ දිවුලපිටිය ප්‍රධාන සංවිධායක ආචාර්ය කිත්සිරි මංචනායක මහතාගේ නැන්දනිය වූ දෝන සිසිලියා අබේවර්ධන මහත්මිය අභාව ප්‍රාප්ත වූවාය.
ප්‍රසිද්ධ සමාජ සේවිකාවක් වූ දෝන සිසිලියා අබේවර්ධන මහත්මිය මිය යන විට අනූ එක් වැනි වියේ පසු වූ අතර ඇය නැසී ගිය සුප්‍රසිද්ධ ව්‍යාපාරික ඒ.එච්.සී අබේවර්ධන මහතාගේ ආදරණීය භාර්යාව ද තරංගා මංචනායක සහ රමණී මූඩි යන මහත්මීන්ගේ දයාබර මෑණියන් වූවාය.
දේහය කොළඹ 07,නිදහස් මාවතේ අංක 9/6 දරන ස්ථානයේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සෙනසුරාදා (01) සවස සිදු කෙරේ.