ආගමික නායකයන්ගේ ගරුත්වයට හානි නොකරනු
- විපක්ෂ නායක තරයේ කියා සිටියි -

(සංජනා ද සිල්වා)
මෙරට බුද්ධ ශාසන අමාත්‍යාංශය බිහි කළේ රණසිංහ ප්‍රේමදාස මහතා බවත් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් නිර්මාණය වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සම්බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය ලබා දෙනවා සේම සෙසු සියලුම ආගම් සංස්කෘතීන් හා ජන කොට්ඨාසවල අනන්‍යතාව සුරක්ෂිත කරමින් ඒ අයගේ ආගමික හා සංස්කෘතික නිදහස සුරක්ෂිත වන සංහිදියාව, සහයෝගීතාව නිර්මාණය වන රටක් බිහි කළ බවත් ඒ අනුව සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරනවා සේම සෙසු ආගම් ජාති හා සංස්කෘතීන්ට හිමි ස්ථානය ලැබිය යුතු ශක්තිය ලබා දිය යුතු බවට සමගි ජන බලවේගයේ මතය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පුද්ගලයා අමතක කර ආගමික නායකයන්ගේ ගරුත්වය, ආගමික නායකයන්ගේ අන්‍යෝන්‍ය භාවය විදහා දක්වන චීවරයට නිසි ගරුත්වය ලබා දිය යුතු බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රෙගුලාසි 550 අනුව උසාවියට ඉදිරිපත් කළ යුතු වරදකරු කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ යුතුය යනුවෙන් වගන්තියක් ඇති බවත් ඒ අනුව සංවේදී වී චීවරයට නිග්‍රහ නොකළ යුතු බවත් චීවරය ඉවත් කරන්නේද නොකරන්නේද යන්න තීරණය කරන්නේ ආගමික නායකයන් බවත් බන්ධනාගාර ආඥා පනතේ 216 අනුව චීවරය හෝ එවැනි ආගමික නායකයන්ගේ ඇඳුම ඉවත් කළ නොහැකි බවත් එය රටට වැරදි ආදර්ශයක් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දැන්වීම
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී බදාදා (07) සභාව කල් තැබීමේ විවාදය අමතමිනි.
ගොවියා ඉතා සතුටින් ඉන්නවා කියන මේ රජය එදා ගොයමට බැස වී කකා වී කිලෝවට රු. 150ක් දෙනවා කියූවත් අද වී කිලෝවට රු. 150ක් දෙනවා වෙනුවට රිලව් ගනිමින් සිටින බවත් රජයේ ප්‍රමුඛස්ථානය වී ඇත්තේ මෙය බවත් ජනතා විමුක්ති පෙරමුණ රජය ජනාධිපතිවරයා ඇතුළුව ටොම්පච දේශපාලනය ක්‍රියාත්මක කරන ජනතාව රවටා ගොවියාට බොරු කියූ බවත් අද මේ ගැන කියන විට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් හිනා වෙන බවත් ජනාධිපතිවරයා මේ දිනවල රට වටේ ටොම් පච දේශපාලනයේ නිරත වන විට කෘෂිකාර්මික ඇමතිවරයාට සේම නියෝජ්‍ය ඇමතිවරයාට ද පැමිණීම තහනම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද වන විට ඇමතිවරුන්ට ජනතාව ළඟට යන්න බැරි වෙලා
අද වන විට රජයට සැබෑ ගොවි ජනතාව අසලට ගොස් පොඩි මිනිසා අසලට ගොස් ප්‍රශ්න අහන්න නොහැකි බවත් ජවිපේ ආණ්ඩුව ලබා දෙන සහතික මිල සම්බන්ධයෙන් සෑහීමකට පත් වන්නේ ද කියා ගොවියාගෙන් ප්‍රශ්න කරන ලෙස ආණ්ඩුවටඅ අභියෝග කරන බවත් වී කිලෝවක් නිෂ්පාදනය කරන මිල පිළිබඳ අංක ගණිත ජිල්මාට් දමා ලාල් කාන්ත ඇමතිවරයා වී කිලෝවක් නිෂ්පාදනයට රු. 137ක් යන බවට පාර්ලිමේන්තුවේ පැවසූ නමුත් රු. 140ක හෝ සහතික මිලක් ලබා දිය යුතු වුවත් අද සෑම වී කිලෝවකින්ම රු. 17ක් පාඩු කර රු. 120ක සහතික මිලක් ලබා දෙන බවත් මේ රු. 120ක් ලබා දෙන්නේ වී කිලෝවක් නිෂ්පාදනයට රු. 93ක වියදමක් සහ 30%ක් ලාභයක් එකතු කරන ජිල්මාට් සූත්‍රය හරහා ගොවියා අනාථ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගොවියා රකිනවා කියූ රජය සහල් ආනයනය කර ගොවියා විනාශ කරනවා
අප රට දළ වශයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 34ක් පමණ නිපදවන බවත් ඉල්ලුම මෙට්‍රික් ටොන් ලක්ෂ 25ක් වන විට මෙට්‍රික් ටොන් ලක්ෂ 9ක අතිරික්තයක් ඇති බවත් තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් අතුරු නිෂ්පාදනවලට ගිය පසු මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක අතිරික්තයක් ඇති බවත් මෙවැනි සහල් අතිරික්තයක් ඇති අප රටේ ජනතාවාදී රජය හාල් ආනයනය කරන බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා එදා විපක්ෂයේ සිටින විට පැවසුවේ හාල් ආනයනය කරන්නේ හොරකම කොමිස් ගහන්න පගා ගහන්න බවත් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා පවා ඒ බව පැවසූ බවත් එසේ පවසා 2025 සහල් මෙට්‍රික් ටොන් 167000ක්, 2026 මෙට්‍රික් ටොන් 159000 ගෙන්වා ඇති බවත් මේ සියල්ල කරේ ගොවියා විනාශ කරන්න බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පසුගිය රජය සේම වත්මන් රජයත් කළේ ගොවි ජනතාව විනාශ කිරීමයි
කළ යුත්තේ ගොවියා නව උපක්‍රම තුළින් දැනුමෙන් සන්නද්ධ කර උපරිම සහන දීම බවත් අද පොහොර ඉන්ධන පළිභෝදනාශක මිල ආදිය ඉහළ ගොස් ඇති බවත් ඊට අමතරව අලි මිනිස් ගැටුම පවා හරස් වී ඇති බවත් වගා හානි දේපල හානි පවා සිදුවන බවත් මේ නිසා ගොවියා අද නරක තැනට පත්ව ඇති බවත් මේ ආණ්ඩුව යන්නේ ද පසුගිය රජය ගිය පාරේ බවත් ගිය ආණ්ඩුව අසූචි පොහොර ගෙන්වා, කාබනික පොහොර සූත්‍රයෙන් ගොවියා විනාශ කළා සේ මේ ආණ්ඩුව සුදුසු ස්ථාවර මිලක් ලබා නොදී ගොවියා විනාශ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද රටේ උපාධිධාරීන් 80000කට රැකියා නෑ
මේ රටේ හොඳට අධ්‍යාපනය ලැබූ උපාධිය ලැබූ දරුවන් 80000කට වැඩි පිරිසකට රැකියා නැති බවත් ගුරු සංවර්ධන නිලධාරීන්ට රැකියා පොරොන්දු වුවත් ගිය රජය සේම මේ රජය ද ඒ පොරොන්දු කඩ කළ බවත් ඔවුන් තම දේශපාලන ව්‍යාපෘතිවල පමණක් මොවුන් පාවිච්චි කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට රෝහල්වල බරපතළ ඖෂධ හිඟයක් පවතිනවා
අද රටේ රෝහල්වල බරපතළ ඖෂධ හිගයක් ඇති බවත් රජයේ රෝහල්වල පවා පිටින් බෙහෙත් ගන්න චිට් දෙන බවත් පසුගිය රජය බාල බෙහෙත් ගෙනවිත් ජනතාව මරණ මංචකයට ගෙන ගිය බවත් අද ඖෂධ හිගයට විසදුම් දෙන්න බැරි මේ රජය නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරනවා කියා රජයේ රෝහල්වලින් පවා පෞද්ගලික ෆාමසිවලින් බෙහෙත් ගන්න චිට් දෙන බවත් චමල් සංජිව මහතා මේ ඖෂධ මාෆියාව සහ හිගයට විරුද්ධව අදටත් කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.